1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක වේ. එහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය දේශපාලන පක්ෂ ක්‍රමය සහ කැබිනට් මණ්ඩලය ගැන අවධානයට යොමු විය. ඒ අනුව 1972 හා 1978 ජන රජ ව්‍යවස්ථා හැදෑරීම ද අවශ්‍ය වේ.
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, කෘෂිකර්මය, රාජ්‍ය ව්‍යවසාය, කර්මාන්ත, සෞඛ්‍ය, ප්‍රවාහනය, සන්නිවේදනය යන ක්ෂේත්‍රවල ඇති වූ ප්‍රවණතා සහ 1948 සිට 1977 දක්වා ශ්‍රී ලාංකීයන් ලබාගත් සුභසාධන පිළිබඳ ව ද මෙහි දී සාකච්ඡා කෙරේ.
............................................................................................

ප්‍රජාතන්ත්‍රවාදය : නූතන ආණ්ඩුක්‍රම අතර වඩාත් ම ජනප්‍රිය ක්‍රමය වේ. ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ විග්‍රහයට අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු "මහජනතාව විසින් මහජනතාව උදෙසා ක්‍රියාත්මක කරනු ලබන මහජනතාවගේ පාලන ක්‍රමයකි" සීලර් නැමැති දේශපාලන විචාරකයා ප්‍රජාතන්ත්‍රවාදය සියලු දෙනාට ම අයිතිවාසිකම් හිමිවන ආණ්ඩුක්‍රමයක් ලෙස හඳුන්වාදී ඇත.
සෘජු ප්‍රජාතන්ත්‍රවාදය : ග්‍රීසියේ ඇතැන්ස් නුවරින් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රභවය ලැබූ බව සැලකේ. ග්‍රීසියේ පුරවැසියෝ සියලු දෙනා එක් තැනකට රැස් වී එදිනෙදා පාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කොට තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කළහ.
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය: තම තමන් වෙනුවෙන් පාලන කටයුතු කර ගෙන යාම පිණිස ජනතාව විසින් නියෝජිතයන් පත් කරන ක්‍රමය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යි. වර්තමානයේ සෑම රටක ම පාහේ ක්‍රියාත්මක වන්නේ මෙම ක්‍රමය යි. ජනගහනය වැඩි වීම, මිනිසුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වීම වැනි තත්ත්වයන් යටතේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම අසීරු ය. ඊට විකල්පයක් ලෙස වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පුරුදු පුහුණු කොට ගෙන ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය සාර්ථක වීමට අවශ්‍ය මූලික ලක්ෂණ දෙකකි. ඒවා නම් නිදහස හා සමානනාත්මතාව යි.

* නිදහස: සියලු දෙනාට ම සමාජය තුළ ගෞරවනීය මිනිසුන් ලෙස ජීවත් වීමට ඇති අයිතිය නිදහස තුළින් සහතික කිරීම.
* සමානාත්මතාව: සියලු ම මූලික මිනිස් අයිතිවාසිකම් භුක්ති විදීමට සෑම පුද්ගලයකුට ම ඇති අයිතිය සමානාත්මතාව තුළින් සහතික කෙරේ.