අක්ෂර මාලාව
 
කියවීම හා ලිවීම යන භාෂා කාර්යයන්හි දී අක්ෂර මාලාව පිළිබඳ නිවැරදි දැනීම අත්‍යවශ්‍ය ය. නිවැරදි අක්ෂර වින්‍යාසය, අකාරාදි පිළිවෙළ ආදී කොට ඇති විවිධ භාෂා කටයුතු සඳහා බෙහෙවින් උපකාරි වන්නේ අක්ෂර මාලාව පිළිබඳ දැනීම ය.

නූතන සිංහල අක්ෂර මාලාව ගැන මනා අවබෝධයක් ලබා ගැනීමට මේ පාඩම ඉවහල් වනු ඇත.

කථන ව්‍යවහාරය හා ලේඛන ව්‍යවහාරය යනුවෙන් සිංහල භාෂාවේ ව්‍යවහාර දෙකක් පවතී. කථන ව්‍යවහාරයේ දී ශබ්ද රටා ශ්‍රව්‍ය ගෝචර ලෙස භාවිත කරනු ලබන අතර ලේඛන ව්‍යවහාරයේ දී ශබ්ද රටා දෘෂ්ටි ගෝචර ලෙස සංකේතවත් කරනු ලැබේ. මේ ශබ්ද සංකේතවත් කිරීම සඳහා භාවිත කරන රූප හෙවත් සංකේත, අක්ෂර ලෙස හැඳින්විය හැකි ය.

මේ සංකේත සමූහය අක්ෂර මාලාව, වර්ණ මාලාව, හෝඩිය යන නම්වලින් ද හැඳින්වේ.

පහත දැක්වෙන්නේ නූතන අක්ෂර මාලාව යි. එහි අක්ෂර 60කි.

මෙහි වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කරමු.

නූතන සිංහල අක්ෂර මාලාවේ ‍ 'අ' සිට 'ඖ' දක්වා තිබෙන අකුරු ස්වර, නම් වේ. ඒවා පණකුරු හෙවත් ප්‍රාණාක්ෂර නමින් ද ව්‍යවහාර වේ. මේ ස්වර සංඛ්‍යාව 18කි. තනි ව ශබ්ද කළ හැකි මේ ස්වර හෙවත් ප්‍රාණාක්ෂර කොටස් දෙකකි. එනම් "භ්‍රස්ව" හා "දීර්ඝ" වශයෙනි.

කෙටි කාලයකදී උසුරුවන ස්වර ශබ්ද භේස්ව වේ.
උදා: අ ඇ ඉ උ එ ඔ සෘ ඏ

දිගු කාලයකදී උසුරුවන ශබ්ද දීර්ඝ වේ.
උදා: ආ ඈ ඊ ඌ ඒ ඓ ඕ ඖ සෘෘ ඐ

* 'ක' සිට 'ෆ' දක්වා තිබෙන අකුරු ව්‍යඤ්ජන හෙවත් ගාත්‍රාක්ෂර වේ. මේවා ගතකුරු, හල් අකුරු යනුවෙන් ද ව්‍යවහාර වේ. එකී අකුරු ගණන 42කි. (භාවිතයේ පහසුව සඳහා හල් අකුරු හල් සලකුණ නොමැති ව දක්වා ඇත.)

* ගාත්‍රාක්ෂර අතර අල්පප්‍රාණ යනුවෙන් හැඳින්වෙන උච්චාරණයේ දී අඩු ශ්වසනයකින් යුතු වූ අකුරු 10කි. 
ක ච ට ත ප
ග ජ ඩ ද බ

මහප්‍රාණ අක්ෂර ලෙස හැඳින්වෙන අකුරු දහයකි. 
ඛ ඡ ඨ ථ ඵ
ඝ ඣ ඨ ධ භ

* නාසික්‍ය අක්ෂර ලෙස හැඳින්වෙන්නේ උච්චාරණයේ දී නාස් කුහරය විවෘත ව පවතිද්දී ඒ ඔස්සේ වාතය ගමන් කරන විට කියවෙන ශබ්ද වේ. නාසික්‍ය අක්ෂර පහත දැක්වේ.

ං - බිංදුව, ඤ - රතිඤ්ඤා, ඥ - ඥානය, න - පවන, න - පවන, ණ - ණය, ම - මල

* ඌෂ්මක්ෂර යනුවෙන් හැඳින්වේන්නේ උච්චාරණයේ දී උණුසුම් වායුධාරාවක් පිටවන අකුරුයි. ඒ මෙසේ යි.

ශ - ශක්තිය, ෂ - යුෂ, ස - සමය, හ - හරිත, ෆ -ෆැන්ටා

* සඤ්ඤක අකුරු නම් වනුයේ ස්වරයක හා ව්‍යඤ්ජනයක සංයෝගයට නාසික්‍ය අකුරක් එක්වී සෑදෙන ශබ්ද වේ. සඤ්ඤක අකුරු 5කි.

ඟ-ඟග, ඬ-හොඬ, ඳ-සඳ, ඹ-අඹ

* හෝඩිය පෙළ ගැස්වීමේ දී මුලට යෙදෙන අකුරු පදනම් කරගෙන වර්ගාක්ෂර හඳුන්වා ඇත.

ක වර්ගය - ක-ඛ-ග-ඝ
ච වර්ගය - ච-ඡ-ජ-ඣ-ඤ
ට වර්ගය - ට-ඨ-ඩ-ණ
ත වර්ගය - ත-ථ-ද-ධ-න
ප වර්ගය - ප-ඵ-බ-භ-ම

* අන්තඃස්ථාක්ෂර නමින් යැඳින්වෙන්නේ ය ර ල ව යන අකුරුයි. ස්වර හා ව්‍යඤ්ජන අතර පිහිටීම නිසා අන්තඃස්ථ යන නම යෙදෙයි.

ව්‍යඤ්ජනයකට එකතුවන ස්වර ශබ්දය නිරීපණය කිරීම සඳහා යෙදෙන සංකේත 'පිලි' නමින් හඳුන්වනු ලැබේ. 
උදා: ක්+ආ-කා වශයෙනි.
(c) Shilpa Sayura Foundation 2006-2017