රූඩි පද
 
කිසියම් බසක ඇති වචන එහි මුල් අරුතට ඉඳුරා වෙනස් අරුතක් හැඟවෙන සේ ද ඒ බසට ම පමණක් හුරු වන සේ ද ඇතැම් විට යෙදේ. බොහෝ විට මේ වෙනස සිදු කෙරෙන්නේ යමක් හැඟුම්බර ව පවසන්නට වුවමනා වන අවස්ථාවල දී ය. මෙවැනි විට රූඩි පද යෙදේ.

i. ඔහු කළ වරද හෙළි වීමෙන් ඔහුගේ මුහුණ ඇඹුල් විය.
   ඔහු කළ වරද හෙළි වීමෙන් ඔහුගේ මුහුණේ තිබුණු පහන් බව  නැති වී ගියේ ය.
ii. තම වැරදි පියා දැනගත් බව මව කී විට සූරසේනට හීන්දාඩිය දැමුවේ ය.
   තම වැරදි පියා දැනගත් බව මව කී විට සූරසේන මහත් බියට පත්විය.

මේ රූඩි යෙදුම් නිසා කිව යුතු දෙය වෙනත් අන්දමින් කියැවුණු ආකාරය පැහැදිලි වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017