උඩුපිටියේ රාළ
 

ශ්‍රී ලංකාවේ සවාධිපත්‍ය අහිමි වන්නට පාදක වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගේ ක්‍රියා විශේෂයත් එතුමා ගේ පාළන තන්ත්‍රයේ ඉහළ නිළ දරුවන් ගේ ක්‍රියාවනුත් ය. 1815 පෙරවාරි 18 වන දා ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගැනීමෙන් පසුව රාජසිංහ රජු සොයා ගිය සිංහල හමුදාවේ නායක නිලමේ වරුන් ද වූහ.

මෙම නිළමේ වරු රජු ට විරුද්ධ වූයේ ද නමුත් උඩුපිටියේ රාළ එසේ නොවී ය. එ බව දත් රජතුමා මාළිඟයෙන් පිටව සැඟවුණේ මොහුගේ නිවසේ ය. රජතුමා කොතරම් මුග්ධ ගති පෑ මුත් අසරණ ව පැමිණී නිසාදෝ උඩුපිටිය රාළ රජතුමා පිළිගත්තේ ය. හැකි පමණින් සැලකී ය.

අනතුරුව රජු සොයා පැමිණි සහෝදර නිලමේ වරුන් සමඟ බිහිසුණු සටනක්‌ කෙළේය. මෙම හමුදාවට රජු අල්ලා ගැනීමට ඉඩක්‌ නොදුන් උඩුපිටියේ රාළ, රජතුමා තමාගේ රටේ රජතුමා ලෙස සලකා විශාල පිරිසක්‌ සමඟ හුදකලාවම සටන් කළේය.

පිටුපසින් පැමිණි කිසවකු ගේ කඩු පහරකින් මිය ගිය මෙතුමා ගේ උදාර ලක්‌ෂණක්‌ නම් රාජසිංහ රජතුමා කොතෙකුත් ක්‍රෑර ක්‍රියා කර තිබුණ ද ඉංග්‍රීසි ආණ්‌ඩුව ඉදිරියේ සිංහලයේ රජතුමා රටේ රජතුමා ලෙස පිළිගැනීම යි. මහනුවර බෝමුරේ ග්‍රාමය උඩුපිටියේ රාළ ජීවත් වූ ගම්මානය යි.

(c) Shilpa Sayura Foundation 2006-2017