පූර්වස්වර ලෝප සන්ධිය
 
සන්ධි වන පද දෙකෙන් මුල පදයේ (පූර්ව පදයේ) අග ඇති ස්වරය ලොප් වී ඉතිරි වන හල් අකුර පසු පදයේ මුල ඇති ස්වරය සමග එකතු වී ගැළපීම යි.

නිදසුන්: යන+එන              ගිරි+අග
          යන්+අ+එන          ගිර්+ඉ+අග
          යන්+එන              ගිර්+අග
          යනෙන                 ගිරග

පහත දැක්වෙන පද විසන්ධි කොට සන්ධි වූ ආකාරය දක්වන්න.
i. දකුණත
ii. දණිස
iii. මදැඟිල්ල
iv. ගුණැති
v.  සුරිඳු
vi. හිඟුරල
vii. දිවැස
(c) Shilpa Sayura Foundation 2006-2017