සන්ධි
  පද දෙකක් අතර හෝ පදයක් තුළ හෝ පවත්නා අක්ෂර, උච්වාරණයේ පහසුව සඳහා නිසි පරිදි ගැළපීම සන්ධි නම් වේ. "පෙර පර වණන් නිසි විදිනි ගළපනු සඳ නම්" යනුවෙන් සිදත් සඟරාවේ සඳහන් වන්නේ පූර්ව අපර අක්ෂර නිසි අයුරින් ගැළපීම සන්ධි නම් වන බවයි.

සන්ධි ක්‍රම

සන්ධි මූලික කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය. එනම්, බාහිර සන්ධි හා අභ්‍යන්තර සන්ධි යනුවෙනි.
i. බාහිර සන්ධි
   වෙන් ව පවතින පද දෙකක් යෝග්‍ය පරිදි ගැළපීමෙන් ඇති වන සන්ධි.
   නිදසුන්: මල්+අසුන = මලසුන
ii. අභ්‍යන්තර සන්ධි
    පදයක් ඇතුළත ප්‍රකෘතිය හා ප්‍රත්‍යය ගැළපීමෙන් හෝ ලෝප ආදි වෙනත් ක්‍රමයකින් සිදුවන සන්ධි.
    නිදසුන්: මිනිස්+ආ - මිනිසා
           අනේක   - නේක

මේ සන්ධි කොටස් දහයකට බෙදේ.

1. ස්වර සන්ධිය.              2. පූර්වස්වර ලෝප සන්ධිය.
3. පරස්වර ලෝප සන්ධිය.   4. ගාත්‍රාක්ෂර ලෝප සන්ධිය
5. ස්වරාදේශ සන්ධිය.        6. ගාත්‍රාදේශ සන්ධිය.
7. පූර්වරූප සන්ධිය.          8. පරරූප සන්ධිය.
9. ද්විත්වරූප සන්ධිය.      10. ආගම සන්ධිය.
(c) Shilpa Sayura Foundation 2006-2017