මහජන රැස්වීම්, ත්‍යාග ප්‍රදානෝත්සව, ක්‍රීඩා උත්සව, ව්වෘත කිරීමේ උත්සව යනා දී පිළිබඳ වාර්තා මේ ගණයට අයත් වේ. මෙහි දී වාර්තා කරන්නාට පළමු ව රැස්වීමේ න්‍යාය පත්‍රය පිළිබඳ අවබෝධයක් තිබිය යුතු ය. එසේ ම සහභාගි වන ප්‍රධානියා හෙවත් මුලසුන හොබවන්නා පිළිබඳ දැනගැනීම වැදගත් ය.
වාර්තාවේ මුල් තැන ප්‍රධාන අමුත්තාගේ කථාවට දීම සුදුසු ය. ඔහුගේ කථාවේ සාරය සංක්ෂිප්ත ව වාර්තාවේ ඇතුළත් කළ හැකි ය. අනතුරු ව අවශේෂ දේශකයන් ගේ කාථාසාරය හෝ ඔවුන්ගේ නාමාවලිය හෝ ඇතුළත් කළ හැකි ය.
සාමාන්‍ය සිද්ධි පිළිබඳ වාර්තා
මෙරට හෝ පිටරට හෝ ජාතික, ආගමික, සංස්කෘතික, දේශපාලනික යන ක්ෂේත්‍ර පිළිබඳ එදිනෙදා සිදුවීම්, ප්‍රාදේශීය තොරතුරු, පෞද්ගලික තොරතුරු, කාලගුණ වෙනස්කම් ආදිය හා නඩුහබ පිළිබඳ වාර්තා මේ ගණයට අයත් වේ.
මේ පිළිබඳ වාර්තා සැපයීමේ දී කරුණු සොයා බලා මහජනයාගේ දැනගැනීමට සුදුසු ය යි වැටහෙන කරුණු පමණක් කෙටියෙන් වාර්තා කිරීම සුදුසු ය.
විශේෂ සිද්ධි පිළිබඳ වාර්තා
මහජනයා අතර ප්‍රකම්පනයක් උද්වේගයක් ඇති කරවනසුලු එමෙන් ම ඔවුන්ගේ සැලකිල්ල යොමු වන පුවත් මේ ගණයට අයත් වේ. මහජනයා කෙරෙහි මේ වාර්තා බොහෝදුරට බල පාන්නේ ය. මහජනයා විසින් අවශ්‍යයෙන් ම දැනගත යුතු කරුණු මත ගොඩනැඟුණු වාර්තා පමණක් ඉදිරිපත් කිරීම මෙහි දී වැදගත් ය.