මීරිගම බෝතලේගම දොන් ස්ටේපර් සේනානායක මහතා මෙතුමා ගේ පියා ය. එළිසබෙත් පෙරේරා ගුණසේකර මහත්මිය මෑණියන් ය. වර්ෂ 1882 උපන් පෙඩ්රික් රිචඩ් සේනානායක මහතා ගේ සොහොයුරෙකි මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා.
තෝමස් විද්‍යාලයේ මුල් අධ්‍යාපනය හැදෑරූ එෆ්. ආර්. සේනානායක මහතා අනතුරුව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළු වී නීතිය හැදෑරුවේ ය. අධි නීතීඥ විභාගයෙන් ද උසස් ලෙස සමර්ථ වූ මොහු ලංකාවට පැමිණ තම නීතිඥ වෘත්තිය ඇරැඹී ය.
වෘත්තීයෙන් නීතිඥයෙකු වුව ද දේශානුරාගයෙන් ඔද වැඩුනු ජනහිතකාමි පුරුෂයෙකු වූ නිසා ම දේශබන්දු යන නාම විශේෂයෙන් පිදුම් ලැබීය. පියා ගෙන් ලැබුණු නොලද සහයෝගයෙන් ද මෙතුමා තුළ වූ කැමැත්ත ද හේතුයෙන් නීතිඥ වෘත්තියෙන් හා උරුම සැප දිවියත් නො සළකා දේශය වෙනුවෙනුත් රට වැසියා වෙනුවෙනුත් දේශපාලනයට පිවිසියේ ය.
බ්‍රිතාන්‍ය පාලනයෙන් මෙ රට බිහි වූ සමාජ –ආර්ථික -–ආගමික හා ජාතික වෙනස්කම් නො ඉවසූ මෙතුමා ශ්‍රී ලංකා අමද්‍යප ව්‍යාපාරය මගින් ඉතා විශාල වැඩ කොටසක් කෙරීය. එමගින් රටේ ඉතා විශාල පිරිසක් මෙතුමා කෙරේ පැහැදින.
1915 දී හටගත් ජාතිවාදි අරගලය හේතුයෙන් සිර බාරයට පත් ඇෆ්. ආර්. සේනානායක මැතිතුමා චෝදනා ඔප්පු නොවීමෙන් ටික දිනෙකින් ම නිදහස් විය.
මෙයින් ලැබූ තියුණු අත්දැකීමත් සමඟ ජාතික නිදහසේ වටිනාකම හැදිනීමෙන් අනතුරුව මවු බිමේ නිදහස ඒකායන ප්‍රාර්ථනය කර ගත්තේ ය. ධනයට හෝ බලයට උරදෙනවා වෙනුවට එතුමා කළේ රට, ජාතිය, ආගම වෙනුවෙන් කැපවීම යි.
මෙතුමා මියගියේ වයස අවු. 45 තරම් අඩු වයසකිනි. දැයේ අවාසනාවට මෙන් 1926 වර්ෂයේ මිය පරලොව නොයන්නට මෙතුමා ගෙන් රට ට ජාතියට අති විශාල සේවයක් සිදුවනවාට කිසිදු සැකයක් නොමැත.