පුවත් වාර්තාකරණය
 
අපගේ දෛනික ජීවිතයේ ඉතා වැදගත් තැනක් පුවත්පතට හිමි වේ. රටක දේශපාලන, ආර්ථික, සාමාජික, සංස්කෘතික ආදී අංශයන් පිළිබඳ දිනපතා තොරතුරුත් රටේ සාමාන්‍ය තත්ත්වය හෙළ කිරීමට පුවත්පත උපකාරි වේ. එසේ ඒ සියල්ල රටට පැවසීමට හැකිවන්නේ එහි පළ වන වාර්තා තුළිනි.

ඉගෙනීමේ පහසුව සලකා පුවත්පත් වාර්තා කොටස් තුනකට වර්ග කළ හැකිය.
01. රැස්වීම් පිළිබඳ වාර්තා
02 සාමාන්‍ය සිද්ධි පිළිබඳ වාර්තා
03. විශේෂ සිද්ධි පිළිබඳ වාර්තා

 වාර්තාවක් වුව ද සකස් කිරීමේ දී පහත සඳහන් කරුණු ගැන සැලකිය යුතු ය.

  • සැම විට ම සැබෑ පුවත් වාර්තා කිරීම.
  • සිද්ධියට අයත් ස්ථානය හෝ දිනය දැක්වීම.
  • නිරවුල් ව, පැහැදිලි ව, නිවැරදි ව කරුණු ඉදිරිපත් කිරීම.
  • සාරාංශ වශයෙන් කරුණු ඉදිරිපත් කිරීම.
  • සාරවත්, කෙටි වැකි භාවිත කිරීම.
  • සමාජයේ කුමන හෝ පිරිසක් කෝපයට පත් වන දේ වාර්තා නො කිරීම.
  • කෙනෙකුගේ පෞද්ගලික චරිතයට අපහාස වන දේ වාර්තා නො කිරීම.
  • කිසියම් දේශකයෙකු විසින් නො කියන ලද දේ, කියන ලද්දක් සේ සටහන් නො කිරීම.
  • වාර්තාව සඳහා යොදන මාතෘකාව සිත්ගන්නා වැදගත් එකක් වීම.
  • වාර්තා කරන්නාගේ නම සඳහන් කිරීම.
(c) Shilpa Sayura Foundation 2006-2017