නාම, ක්‍රියා, නිපාත, උපසර්ග ආදී පද වර්ග දක්නට ලැබේ. මේ සමහර පද තනි අකුරකින් පමණක් සෑදී ඇත. එහෙත් සියලු පද ලිවිය යුත්තේ එකිනෙක අතර පරතරයක් ඇති ව ය. එනම්, යෝග්‍ය පරිදි පද බෙදා වෙන් වන ලෙසිනි.
* පදයක මුලට යෙදෙන උපසර්ග හා අගට යෙදෙන ප්‍රත්‍යය වෙන් කොට ලියනු නො ලැබේ.
නිදසුන්: උපගුරු, අතිවිශේෂ, අනුකමිටු, ගෙවල, නිදොස්, ගෙවලින්, ග්‍රන්ථයෙන්, නාට්‍යයෙන්, මිනිසාට, ගාල්ලෙහි
නිදසුන්: උපගුරු, අතිවිශේෂ, අනුකමිටු, ගෙවල, නිදොස්, ගෙවලින්, ග්‍රන්ථයෙන්, නාට්‍යයෙන්, මිනිසාට, ගාල්ලෙහි
* පදයක අවසානයේ යෙදන හාසන්ධි වන "යි" හා "ත්" එම පදය සමඟ එක් ව ලියනු ලැබේ.
නිදසුන්: අම්මයි, මමත්
* ද්විත්ව පූර්වක්‍රියාව
පූර්ව ක්‍රියා ද්විත්ව වූ විට තනි පදයක් සේ ලිවිය යුතු ය.
නිදසුන්: බලබලා, කියකියා, සොයසොයා
* අවධාරණය කිරීමේ දී
අවධාරණය සඳහා ද්විත්ව ව යෙදෙන ඇතැම් පද එක් ව හෝ කෙටි ඉරක් සහිත ව හෝ ලිවිය යුතු ය.
නිදසුන්: වැඩිවැඩියෙන්/වැඩි-වැඩියෙන්
අමුඅමුවේ/අමු-අමුවේ
උණුඋණුවේ/උණු-උණුවේ
* විශේෂණ පද
විශේෂණ වශයෙන් පවතින ඇතැම් පද වෙන් ව ලිවිය යුතු ය.
නිදසුන්: ශ්‍රී ජයවර්ධනපුර, උතුරු කළුතර, මැද කොළඹ
විභක්ති සූචක පද
විසින්, කරා, කෙරෙන් ආදී විභක්ති සූචක පද වෙන් කොට ලිවිය යුතු ය.
නිදසුන්: අප විසින්, මා කරා, කාන්තාවන් කෙරෙන්
සමාස
පද කීපයක් එක් වීමෙන් සෑදෙන සමාස එක් ව ලිවිය යුතු ය.
නිදසුන්: පොත්පත්, කිරිබත්, රත්මල්