වචන භේදය
උක්තය ප්‍රාණවාචී වේ නම් එහි ඒකවචන හෝ බහුවචන භේදය අනුව අවසාන ක්‍රියාව (අවසානය) ඒකවචන හෝ බහුවචන විය යුතු ය.
උක්තය ප්‍රාණවාචී වේ නම් එහි ඒකවචන හෝ බහුවචන භේදය අනුව අවසාන ක්‍රියාව (අවසානය) ඒකවචන හෝ බහුවචන විය යුතු ය.
ඒකවචන - ළමයා ගෙදර යයි.
බහුවචන - ළමයි ගෙදර යති.
කාල භේදය
කාල භේදය
අතීත හා අනතීත යනුවෙන් කාල දෙකක් සිංහල ක්‍රියා පදවල දක්නට ලැබේ. අනතීත කාලය, වර්තමාන හා අනාගත ලෙස කොටස් දෙකකි. මෙයින් අනාගත කාලය සඳහා උපකාරක පදයක් සහිත ව හෝ රහිත ව යෙදුණු වර්තමාන කාල ක්‍රියාපද ම භාවිත කෙරේ.
අතීත - ළමයා කවියක් කී ය/කීවේය.
අනතීත - ළමයා කවියක් කියයි/කියන්නේ ය (වර්තමාන)
ළමයා හෙට කවියක් කියයි/කියන්නේ ය. (අනාගත)