රචනයක් ලියන විට පහත සඳහන් කරුණු සැලකිය යුතු ය.
- පළමුව මාතෘකාව අවබෝධ කරගත යුතුය.
- මාතෘකාවක් දී නො මැති විට සුදුසු මාතෘකාවක් යොදන්න.
- මාතෘකාවට අදාළ කරුණු ගැන හොඳින් සිතා බලන්න.
- මාතෘකාවට අදාළව කරුණු වැදගත්කම අනුව පෙළ ගස්වන්න.
- පැහැදලි අත් අකුරින් ලිවිය යුතුය.
- ලියන කරුණුවල වැදගත්කම අනුව ඡේද වෙන් කිරීමට අමතක නො කරන්න.
- සෑම විට ම ක්‍රමවත් බව, පිරිසිදු බව ගැන සිතන්න.
- කරුණු ඉදිරිපත් කිරීමේ දී මනා සංයමයකින් ඉදිරිපත් කළ යුතුය.
- රචනයේ රසවත් බව ඇති වන සේ පද හා අදහස් හැසිරවීමට උත්සාහ ගන්න.
- මාතෘකාවට, තේමාවට අදාළ නොවන වර්ණනා ඇතුළත් නොකරන්න.
- කරුණු නීරස වන පරිදි නැවත නැවත ඉදිරිපත් නොකරන්න.
- උක්තාඛ්‍යාත සම්බන්ධය සහ අක්‍ෂර වින්‍යාසය ගැන සැලකිලිමත් වන්න