අව්‍යය පද යනු වර නො නැනැඟෙන පද යි. මේවා නාම, ක්‍රියා හා විශේෂණ පද සමග යෙදෙයි. එහෙත් ඇතැම් නිපාත විභක්ති ප්‍රත්‍ය ගන්නා අවස්ථා ද ඇත. උදා:- ලෙස, ලෙසට, ලෙසින්, සමග, සමගින්
අව්‍යය පද උපසර්ග, නිපාත යනුවෙන් දෙකොටසකට බෙදේ.
උපසර්ග
නාම පදයක හෝ ක්‍රියා පදයක හෝ මුලට පමණක් යෙදේ.
* උපසර්ග පදයේ අර්ථය වෙනස් කරයි, නැතිනම් විරුද්ධ අර්ථයක් දෙයි. උදා:- දේශ-පරදේශ, දුක්-නිදුක්
* උපසර්ග පදයේ අර්ථය බබළවයි, නැතිනම් අර්ථය වැඩි කරයි. උදා:- මිහිරි-සුමිහිරි, බල-පබල
* ඇතැම් විට උපසර්ගය පදයේ අර්ථය අනුව ම පවතී. උදා:- රහිත-විරහිත, යෙදුම්-අයැදුම්
මෙවැනි උපසර්ග රැසක් සිංහල භාෂාවේ ඇත.
ප, පර, අව, අනු, නි, ස, දු, වි, උප, අප, පස්, පිළි, අ, පරි, උ, ඔ, අති, අබි, පිරි, සු කු, අදි.
මේ හැරුණු කොට සංස්කෘත භාෂාවෙන් සිංහලයට එක් වූ උපසර්ග ද භාවිතයේ ඇත.
නිර්, නිස්, ප්‍ර, ප්‍රති, දුශ්, අභි, සං, අධි යනු ඉන් සමහරකි.
නිපාත
වාක්‍යයක මුල, මැද, අග යන කවර තැනක වුව ද යෙදී විවිධ අර්ථ ප්‍රකාශ කරන පද නිපාත වේ. උපසර්ග මෙන් නොව නිපාතයක් වචනය සමග නො බැඳේ. තනිව සිට අරුත් ප්‍රකාශ කරයි.
නිදසුන්: යළි නුඹ නො එතියි
සිතා සිටි නමුත් නුඹ මෙහි
පැමිණියෙහි ය
භාෂාවේ යෙදෙන නිපාත පද කීපයක් පහත දැක්වේ.
1. කාලාර්ථවාචී නිපාත - යළි, නැවත, පුන, කලාතුරකින්, ඉඳහිට, නිතර
2. උපමාවාචී නිපාත - මෙන්, සේ, වැනි, බඳු, විලස, අයුරු, වගේ
3. භාවප්‍රකාශනයේ නිපාත - අනේ! අහෝ! අයියෝ! ෂඃ! චිඃ!හා! අහා!
4. අරුත් නො පිට පෙරළීමේ නිපාත - නො (නැත යන අර්ථය ප්‍රකාශ කිරීමෙහි)
5. ක්‍රියා විශේෂණ නිපාත - වහා, සෙද, යළි
6. පද සම්බන්ධ කිරීමේ නිපාත - ද, ත්, යි, හා, සහ, සමග, කැටුව
7. ඇසූ දෙය නැවත කීමේ නිපාත - ල, ලු
8. පද සංසන්දනය කිරීමේ නිපාත - හෙවත්, නො හොත්
9. වාක්‍ය අලංකාර කිරීමේ නිපාත - වූ කලී, වනාහි
10. සීමාව හැඟවීමේ නිපාත - තුරු, දක්වා, පටන්, සිට
11. ප්‍රමාණාර්ථයේ නිපාත - පමණ, තරම්, විතර, සා
12. විභක්ති අර්ථ පළ කරන නිපාත - විසින්, කෙරෙන්, කෙරෙහි, කරණ කොට
13. අවධාරණාර්ථයේ නිපාත - ම, තමා
14. සමාප්තිවාචී නිපාත - ය.
15. ආමන්ත්‍රණ හඟවන නිපාත - එම්බා, එම්බල, කොල