රූපයේ දැක්වෙන ආකාරයට විවිධ ගියර තෝරා ගැනීමට රියැදුරාට ලීවරයක් සපයා ඇත. එය සරල ලෙස ඈඳුම් කළ (Linked) දඬු කිහිපයක් භාවිතයෙන් ගියර පෙට්ටියේ ගියර මාරු කරන තේරුම් කරුව (Selecting fork) හා සම්බන්ධ වේ. තේරුම් කරුව ආධාරයෙන් ගියර රෝද එහා මෙහා ගෙන ගොස් අවශ්‍ය ගියරය තෝරා ගැනීමට හැකි ය. එසේ කළ හැකි වන්නේ ගියර රෝදවලට ප්‍රධාන සම්ප්‍රේෂණ දණ්ඩේ පත්කීල මත එහා මෙහා රූටා යෑමට හැකි නිසා ය.
විවිධ ගියර තෝරා ගැනීමට රියැදුරාට තේරුම් ලීවරයක් සපයා ඇත. එය සරල ලෙස ඈඳුම් කළ දඬු කිහිපයක් භාවිතයෙන් ගියර පෙට්ටියේ ගියර තේරුම් කරුව හා සම්බන්ධ වේ. ගියර තේරුම් කරුව මගින් බලු දත් සම්බන්ධ දැති රෝදය එහා මෙහා ගෙන ගොස් අවශ්‍ය ගියරය තෝරා ගැනීමට හැකි ය. එසේ කළ හැකි වන්නේ බලු දැති ප්‍රධාන දණ්ඩේ කීලපත මත රූටනය කළ හැකි නිසා ය.