වාක්‍යයක කර්තෘ උක්ත ව හෝ අනුක්ත ව යෙදෙන අවස්ථා
1. අනියමාර්ථ හෝ කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියාපදයකට යෙදෙන කර්තෘ, අනුක්ත වේ.
i. ගායිකාවක සංගීත ප්‍රසංගයට ආවොත්, බොහෝ දෙන සතුටු වෙති.
ii. මා උසස් ලෙස සමත් වුණොත්, අම්මා සතුටු වන්නී ය.
iii. අප අවංක වුව හොත්, කවුරුත් අපට ප්‍රසංසා කරති.
iv. ගුරුවරුන් රැස්වීම අමතද්දී, ළමයි අත්පොළොසන් දුන්හ.
v. සේවකයන් පාර කපද්දී, මිනිස්සු එදෙස බලාසිටිති.
vi. ගෙහිමියන් රූපවාහිනිය නරඹද්දී, සොරු ගෙට ඇතුළු වූහ.
2. සංශයාර්ථයක් හෝ වාර්තාවක් හෝ ප්‍රකාශ කරන විට, අන්තර් වක්‍යයේ කර්තෘ අනුක්ත වන අතර, අන්තර් වාක්‍යයේ ක්‍රියාපදය ප්‍රථම පුරුෂ බහුවචනයෙන් යෙදේ. ප්‍රධාන වාක්‍යයේ ක්‍රියාව උක්තයට අනුව තබනු ලැබේ.
2. සංශයාර්ථයක් හෝ වාර්තාවක් හෝ ප්‍රකාශ කරන විට, අන්තර් වක්‍යයේ කර්තෘ අනුක්ත වන අතර, අන්තර් වාක්‍යයේ ක්‍රියාපදය ප්‍රථම පුරුෂ බහුවචනයෙන් යෙදේ. ප්‍රධාන වාක්‍යයේ ක්‍රියාව උක්තයට අනුව තබනු ලැබේ.
i. දරුවන් හොඳන් ඉගෙන ගනිති'යි දෙමව්පියෝ සිතති.
ii. මදුරුවන් රෝග බෝකරති'යි වෛද්‍යවරු පවසති.
iii. දරුවකු වේදනාවෙන් ඇඬූහ'යි ගුරුතුමිය පැවසුවාය.
iv. ගස් වැල් පරිසරය අලංකාර කරති'යි පරිසරවේදීහු ප්‍රකාශ කරති.
v. හෙට මිනසුන් වැඩට නො එති'යි කළමනාකරු සිතයි.
vi. පරසතුරන් එති එති යන බසටා
vii. කතී වෙණ මීයන.
viii. සොරුන් කැලෑවේ සැඟවී සිටිති'යි පොලිසිය සැක කරයි.
3. යුතු ය, මැනවි, හෙහෙකි, ඇත, නැත වැනි පදයකින් වාක්‍යය අවසන් වන විට උක්තය අනුක්ත වේ. "ඇත" "නැත" යන රූපවලට පෙර පූර්ව ක්‍රියාවක් හෝ කෘදන්ත රූපයක් හෝ නො යෙදේ නම් එම වාක්‍යයේ උක්තය උක්ත ස්වරූපයෙන් ම තැබිය යුතු ය.
i. පන්තියේ ළමයි ඇත.
ii. පාසලේ ගුරුවරු නැත.
iii. පදිකයන් පාරේ දකුණින් යා යුතු ය.
iv. ක්‍රීඩකයන් සතතාභ්‍යාසයෙහි යෙදීම මැනවි.
v. දරුවන් සැම විට අවංක වීම යෙහෙකි.
vi. ශිෂ්‍ය නායකයන් රැස්වීමට සහභාගි වී ඇත.
vii. ගොවියන් අද වප්මගුල් උත්තසවයට පැමිණ නැත.
4. ඇත, නැත යන රූප සමඟ පූර්ව ක්‍රියා රූපයක් හෝ භාව ක්‍රියා රූපයක් හෝ යෙදුණු විට කර්තෘ පදය අනුක්ත රූපයෙන් සිටී.
i. මා ඒ පොත කියවා නැත.
ii. පන්තියට ළමයින් පැමිණ නැත.
iii. ආරාධිතයන් රැස්වීම අමතනු ඇත.
5. "හෝ" නිපාතයෙන් වාක්‍යය සම්බන්ධ වන විට ආසන්නම උක්තය ට ගැළපෙන සේ ආඛ්‍යාතය තැබිය යුතු ය.
i. මව හෝ පියා හෝ රැස්වීමට සහභාගි වෙයි.
ii. පියා හෝ මව හෝ රැස්වීමට සහභාගි වන්නී ය.
iii. අක්කා හෝ මම හෝ අම්මාට උදව් වන්නෙමි.
6. හා, ද, ත්, යි, සහ ආදී නිපාත පද සමුච්චයාර්ථයෙහි යෙදීමේ දී ආඛ්‍යාතය බහු වචනයෙන් යෙදේ. මෙහි දී පිළිවෙළින් උත්තම, මධ්‍යම හා ප්‍රථම පුරුෂ බලවත් වේ. ආඛ්‍යාතය ඒ අනුව තිබිය යුතු ය.
i. තාත්තා ද අම්මා ද මම ද කුඹුරට ගියෙමු.
ii. ආචාර්යවරයා ද ඔබ ද පාසල් ගියෙහු.
iii. ගොවියා සහ ගෙවිලිය ගොයම් කපති.
7. කෝ, කොයි, කවරහු ද ආදී පද යොදා ප්‍රශ්න ඇසීමේ දී උක්තය උක්ත ස්වරීපයෙන් ම සිටී.
i. මේ පන්තියේ ළමයි කෝ.
ii. මේ බසයේ පැමිණි මගීහු කවුරු ද?/කවරහු ද?
iii. මේ ගෙදර මිනිස්සු කොයි ද?
iv. වැඩිමාලු පුතණුවෝ කොයි ද?
8. "හෙවත්" යන නිපාතයෙන් වාක්‍ය සම්බන්ධ වන විට, කර්තෘ පද දෙකම උක්ත වන අතර, ඒ හා ගැළපෙන සේ ආඛ්‍යාතය යෙදිය යුතු ය.
i. මවුපියෝ හෙවත් පූර්ව ආචාර්යවරු අප යහමගට යොමු කරති.
ii. නූතන ජීවකවරු හෙවත් වෛද්‍යවරු සැමට සහනය සලසති.
9. "නොහොත්" නිපාතය යෙදෙන විට ආඛ්‍යාතයට ආසන්න ව යෙදී ඇති උක්ත පදයට ගැළපෙන සේ ආඛ්‍යාතය යෙදිය යුතු ය.
i. පියා නොහොත් මම රැස්වීමට සහභාගි වෙමි.
ii. මම නොහොත් පියා රැස්වීමට සහභාගි වෙයි.
10. ඇයි, කෙසේ ද, කවර දා ද, මොනවා ද වැනි යෙදිම් සමඟ බැඳෙන කර්තෘ පදය අනුක්ත රූපයෙන් සිටී.
i. මිනිසුන් අවංක නොවන්නේ ඇයි?
ii. දක්ෂ ක්‍රීඩිකාවක වන්නේ කෙසේ ද?
iii. අප සාමය ළඟා කරගන්නේ කවදා ද
iv. සංගමයේ සාමාජිකයන් බලාපොරොත්තුවන්නේ මොවා ද?