කිසියම් වින්දනයක් ලබාදෙන නිර්මාණාත්මක ලේඛනගත සියලු දේ මෙන් ම මුඛ පරම්පරානුසාරයෙන් පැවත එන ජනවේද සාහිත්‍යය නමින් හැඳින්වේ. ගද්‍ය සාහිත්‍යයටත් වඩා පද්‍ය සාහිත්‍යය කාන්ත ගුණයෙන් උසස් තැනක් ගනී. සිතෙහි උපදින භාවයන්, ඒ සැටියෙන් ම ප්‍රකාශ කිරීමට භාෂාවේ වචන ම ප්‍රමාණවත් නොවේ. කවියේ අර්ථයෙන් ප්‍රකාශ කරන හැඟීම්, පද සංඝටනයෙන් නගන හඩ වහල් කර ගැනීමෙන් උද්දූපනය කෙරේ. සමස්තයක් වශයෙන් ගත්කළ උසස් පද්‍යයක අර්ථ රසය හා පද්‍ය රසය එකිනෙක වෙන් නොකළ හැකි ලෙස ඒකාබද්ධ ව පවතී. ඡන්දස උපයෝගි කොටගෙන රචිත වූයේ පද්‍යය යි. එයින් තොර වූයේ ගද්‍යය යි. ගද්‍ය පද්‍ය දෙකෙහි මිශ්‍රණයෙන් රචනාකරන ලද්දේ චම්පුයි.
කාව්‍යයක ශබ්ද රසය නිපදවීමට වෘත්තය, ලය, අනුප්‍රාසය, එළිවැට හෙවත් එළිසමය උපකාර වේ. මෙහි වෘත්තය යනු විරිතයි. ඡන්දස යනු ගුරු-ලුහු මාත්‍රා නියමයයි. ඡන්දසෙහි විවිධ කොටස් විරිත් ලෙස හැඳින්වේ. සිංහලයේ "රැඳි" නම් ඡන්දසට අයත් වන විරිතක් නම් සමුදුරුගොස් විරිතයි. කනට මිහිර දැනෙන සේත්, අරුත් රසය මතු වන සේත්, අලුත් අලුත් විරිත් තනාගැනීම කවියාගේ දක්ෂතාව අනුව කළ හැක්කකි. වෑත්තෑවේ හිමියෝ විවිධ විරිත් යෙදීමෙන් ගත්තිල කාව්‍යයේ විවිධ අවස්ථා, විවිධ සිද්ධි ගැන අපූරු කවි සිතුවම් මැවමට සමත් වෙයි.
රසවත් නිර්මාණ හැඳින්වීම උදෙසා, කාව්‍ය යන නාමය ද භාවිත වේ. රසාත්මක වාක්‍යය යනුවෙන් ද දැක්විය හැකියි.
කාව්‍යයක ශබ්ද රසය නිපදවීමට වෘත්තය, ලය, අනුප්‍රාසය, එළිවැට හෙවත් එළිසමය උපකාර වේ. මෙහි වෘත්තය යනු විරිතයි. ඡන්දස යනු ගුරු-ලුහු මාත්‍රා නියමයයි. ඡන්දසෙහි විවිධ කොටස් විරිත් ලෙස හැඳින්වේ. සිංහලයේ "රැඳි" නම් ඡන්දසට අයත් වන විරිතක් නම් සමුදුරුගොස් විරිතයි. කනට මිහිර දැනෙන සේත්, අරුත් රසය මතු වන සේත්, අලුත් අලුත් විරිත් තනාගැනීම කවියාගේ දක්ෂතාව අනුව කළ හැක්කකි. වෑත්තෑවේ හිමියෝ විවිධ විරිත් යෙදීමෙන් ගත්තිල කාව්‍යයේ විවිධ අවස්ථා, විවිධ සිද්ධි ගැන අපූරු කවි සිතුවම් මැවමට සමත් වෙයි.
"රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා
රන් රසේ එක් වන ලෙසේ වෙණ නාදනූ පා තබ තබා
කම් සැපේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා
මම් කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා"
මෙහි විරිතත් උචිත පද මාලාවත් නිසා මනහර නැටුමක සිත්තමක් සහෘදයාගේ මනැසෙහි අපූරුවට ඇඳේ.
ලය
තාලයට ගැයෙන ගීයක් අසමින් රස විදින තැනැත්තා නොදැනුවත්ව ම, එ අනුව හිස සොලවයි, ඇතැම් විට පයින් බිමට තට්ටු කරමින් හෝ තාලය අල්ලයි. එසේ කිරීමට පෙළඹ වූ කවියේ තාලය 'ලය' නම් වේ. එය රිද්මය යනුවෙන් ද හැඳින්වේ.
"සන් නන් සිහින් ගෙඳි සෙවණලු වැලි තෙලෙන
තැන් තැන් වල ම සැතපී සියුමැලි බැවින
රන් වන් කරල් ගෙන එන ගිරවුන් අතින
යන් මන් තොසින් මඟ තොරතුරු නියම දැන" - සැළලිහිණිය
ශබ්ද රසය හා අර්ථ රසය
ශබ්දය නිසා ඇතිවන රසය ශබ්ද රසයයි. අර්ථය නිසා ඇතිවන රසය අර්ථ රසයයි. එයින් අර්ථ රසය වඩා වැදගත් වෙයි. ශබ්ද රසය, අර්ථය ප්‍රකට කිරීම සඳහා භාවිත කරනු ලබන සැරසීමක් පමණී. පුරාණ අලංකාරිකයන්ගේ මතය අනුව කාව්‍යයෙහි ගෘංගාර, හාස්‍ය, කරුණ, රෞද්‍ර, වීර, භයානක, බීහත්ස, අද්භූත, ශාන්ත යයි රස නවයකි.
දසවැනි රසය ලෙස ඇතැමුන් දක්වන වත්සල නමින් ද රසයක් වේ. කුමාරතුංග මුනිදාස ශූරීන් දක්වන පරිදි කුහුලුරු-(කුහුල), නුවළු-(කලකිරීම), උවහස-(උපහාසය) ය යි තවත් රස තුනක් වේ.
අලංකාර නම් සැරසීමයි. සිරුරක් සැරසීම සඳහා ආභරණ උපයෝගි කරගන්නා මෙන් කාව්‍යයක් සැරසීමට අලංකාර උපයෝගි කරගනී. ශබ්දය සරසන අලංකාර ශබ්දාලංකාර යනුවෙන් ද, අර්ථ සරසන අලංකාර අර්ථාලංකාර යනුවෙන් ද හැඳින්වේ. අනුප්‍රාස, එළිසමය ආදිය ශබ්දය සරසන හෙයින් ශබ්දාලංකාර නම් වේ.
"ඉඳ ඉඳ එක වෙහෙර
රස යන පදය සිය දහස් වර අපගේ කණට ඇසී ඇතත් එය කුමක්දැයි සාර්ථක විස්තරයකට එළැඹිය නො හැකිය. ඉඳුණු අඹ ගෙඩියක රසය තවත් කෙනෙකුට පහදා දිය නොහැකි සේ ය. එහි රසය හඳුනාගැනීමට නම් අඹ ගෙඩියක් අනුභව කොට ම, එය වටහා ගත යුතු ය. එමෙන් ම වින්දනය මඟින් ම රසය හඳුනාගත යුතු ය.
සාහිත්‍ය රසය යනු එසේ ම ය. එය හඳුනාගැනීමට නම් උසස් සාහිත්‍ය කෘති නිතර නිතර කියවිය යුතු ය. කාව්‍යයක අර්ථ රසය වැඩි කිරීම පිණිස ම කවියා උපමා, රූපක, උත්ප්‍රේක්ෂා, වක්‍රෝත්ති ආදී අලංකාර ක්‍රම උපයෝගි කරගනී.
අලංකාර නම් සැරසීමයි. සිරුරක් සැරසීම සඳහා ආභරණ උපයෝගි කරගන්නා මෙන් කාව්‍යයක් සැරසීමට අලංකාර උපයෝගි කරගනී. ශබ්දය සරසන අලංකාර ශබ්දාලංකාර යනුවෙන් ද, අර්ථ සරසන අලංකාර අර්ථාලංකාර යනුවෙන් ද හැඳින්වේ. අනුප්‍රාස, එළිසමය ආදිය ශබ්දය සරසන හෙයින් ශබ්දාලංකාර නම් වේ.
අනුප්‍රාසය
අකුරක් හෝ ශබ්දයක් හෝ පදයක් හෝ පුනපුනා යෙදීම අනුප්‍රාසය නම් වේ.
"ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අනේ දෙව්දත් නොදිටි මොක්පුර"
ගුත්තිල කාව්‍යයේ එන මේ කවියේ ඉඳ ඉඳ, විඳ විඳ යන පදවලින් නැඟී එන්නේ රසබර අනුප්‍රාසයකි.
එළිසමය
පද්‍යයෙක එක් එක් පාදයෙහි මුල, මැද, අග යන සැම තැන්හි ම හෝ ඉන් එක් තැනෙක හෝ සමාන අකුරුවලින් අවසන් වන පද යෙදීම එළිසමය හෙවත් එළිවැට නම් වේ.
"පැහැසරණි ය මිණි පැමිණි ය කොත් අගට
බඳ කකිණි ය දද ගිහිණි ය විමන් වට
නොව පැරණිය වන රමණි ය විටින් විට
සැළලිහිණි ය වදු කැලණි ය පුර වරය"
මෙසේ කවියාගේ දක්ෂකම අනුව ඉබේ මතු වන එළිසමය කවියට අලංකාරයකි. උපමාලංකාරය
යම්කිසි වස්තුවක් තවත් වස්තුවක් මෙනැයි කීම උපමාවයි. උපමා කරනු ලබන වස්තුව උපමේය නම් වේ. මෙහි තඹරු පෙති යනු උපමාවයි. නෙත් යනු උපමේය යි.
"රැගත් සුරා පිරූ විතින්
සුරත් තඹරු පෙති සෙ නෙතින්
පුවත් නො දැන බමන ගතින්
නටත් අයෙක් සුරා මතින්"
රූපාකාලංකාරය
උපමාව හා උපමේය යන දෙක ම එකක් ලෙස සැලකීම රූපාකාලංකාරය යි. රූපය යනු සැඟවුණු උපමාවයි. මෙන්, සේ, වැනි, බඳු, අයුරු, එව් ආදී සමානවාචී නිපාත පද භාවිත නො කොට සෘජු ව ම වස්තු දෙක ම එකක් සේ දැක්වීම රූපකයේ ලක්ෂණය යි.
"වැඳ ඔහු පද කමල
තමා ආ තතු කී ය මූසිල"
මෙහි පාදය පද්මයක් මෙනැයි නො පවසා මූසිල ගුත්තිල පඬිතුමාගේ පාද පද්ම වැඳි බව දැක්වේ. මෙහි පදකමල යනු රූපකයකි. පාදයත් කමලත් එකක් සේ සලකා ඇත.
උත්ප්‍රේක්ෂාලංකාරය
පණ ඇති හෝ පණ නැති හෝ වස්තුවක පවත්නා ස්වාභාවිකත්වය කවියා දැන දැන ම ඊට වෙනස් අයුරකින් කල්පනා කිරීම උත්ප්‍රේක්ෂාලංකාරය යි.
"නුපුබුදු තැඹිලි මල්
ඇගෙ දඟ යුගට මනකල්
පැරද සැඟවුණු තුල්
කොළපු ඇතුළට පිවිසි හැමකල්"
කාන්තාවගේ දඟ යුගෙහි ශෝභාව දුටු තැඹිලි මල ලජ්ජා වී සැඟවුණු බව කවියා කල්පනා කරයි.
ස්වභාවෝක්ති අලංකාරය
වස්තුවක නියම ස්වභාවය ඇති සැටියෙන් ම වර්ණනා කිරීමයි.
"පැසෙයි නිබඳ සුවඳැල් කෙත්වත් අවට
ඇසෙයි ළමා වසුපැටියන් හඬ දුරට
දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට
රසෙයි අමා රස ම ඒ පියස දුට"
අතිශයෝක්ති අලංකාරය
ලෝකස්වභාවය ඉක්මවා පැවසීම අතිශයෝක්තිය යි.
සිහිල් සපු සුවඳ ගෙන එන උයන්වල
සිහිල් නෙලෙන් හඬවන මිණිකිකිණි කැල
විපුල් රත් සෙමෙර බඳ රන් දද සසල
ළකල් මෙපුර තුළ වලහා රිවි තැවුල"
ධ්වනිතාර්ථය
කවියාගේ පරමාර්ථය රස නිෂ්පත්තියයි. ඔහු රස නිපදවන්නේ වචන උදව් කරගෙන ය. මිනිසා තම ප්‍රීතිය, ශෝකය, කෝපය, කුතුහලය ආදී හැඟීම් පළ කිරීමට වචන භාවිත කරයි.
කිසියම් නිර්මාණයක වචනයෙන් පැවසෙන අර්ථයට වැඩියෙන් ප්‍රතීයමාන වන හෙවත් වැටහෙන අර්ථය, ධ්වනිතාර්ථය වශයෙන් ද වචනයෙහි මතු පිට අර්ථය වාච්‍යාර්ථය වශයෙන් ද හැඳින්වේ. කවියාට වඩාත් ප්‍රයෝජනවත් වන්නේ අරුත කෙළින් ම නො පවසන ව්‍යංග්‍යාර්ථවත් වචන ය.
ව්‍යංග්‍යාර්ථවත් වචන උචිත පරිදි භාවිතයෙන් කවියාට පාඨකයා තුළ තමා ඉපදවීමට බලාපොරොත්තු වන අදහස් හා හැඟීම් වඩාත් රමණීය ලෙස ඉදිරිපත් කළ හැකි ය. ඇතැම් කාව්‍ය කියවා වචනයෙන් වචනය ගෙන බලන විට නො පෙනෙන, එනමුත් ඒ වචන සියල්ල සමස්තයක් වශයෙන් ගත් විට පමණක් පෙනෙන චමත්කාරජනක හැඟීම් රාශියක් පාඨකයා තුළ ජනිත වෙයි. ඒ හැඟීම් පහළ වන්නේ ඉහතින් සඳහන් කළ ව්‍යංග්‍යාර්ථයේ බලයෙනි. ව්‍යංග්‍යාර්ථය ධවනිතාර්ථය වශයෙන් ද හඳුන්වනු ලැබේ. පහත දැක්වෙන උදාහරණය බලන්න.
"කටුරොද මඩවගුරුවල මානෙල් ඕලු
මැණිකෙගෙ මුහුණ දැකුමට පොරකන වාලු"
සුදෝසුදු කාව්‍යයෙහි ඇතුළත් මේ කවියෙන් වාච්‍යාර්ථය අබිබවා අර්ථ රැසක් කියැවෙන්නට ඉඩ හැර ඇත. මෙහි මැණිකෙගේ ලස්සන ව්‍යංග්‍යයෙන් ප්‍රකාශ වෙයි.