මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා
 

1889 නොවැම්බර් මස නව වෙනි දින සාමාන්‍ය ගැමි පවුලක ඉපැදී, ගමේ පාසලෙන් - පන්සලෙන් මූලික අධ්‍යාපනය ලබා ක්‍ෂේත්‍ර කිහිපයක ම උපන් හපන්කම් දක්‌වමින් අවසන ලෝක බෞද්ධ සම්මේලනයේ ගරු සභාපති තනතුර ද හෙබ වූ මලලසේකර මැතිතුමා ජාතික උසස්‌ අධ්‍යාපන මණ්‌ඩලයේ සභාපති - පුරා විද්‍යා සංගමයේ සභාපති - බ්‍රිතාන්‍ය ලංකා තානාපති හා එක්‌සත් ජාතින්ගේ සංවිධානයේ ලංකා නියෝජිත ආදී සම්භාවනීය තනතුරු රාශියක්‌ ම හෙබවී ය.


උසස්‌ අධ්‍යාපනය ලැබීමට තරම් වාසනාවන්ත වූ මෙතුමා ඉංග්‍රීසි භාෂාවෙහි ප්‍රවීණයෙක්‌ ද වූයේ ය. ජාතික සිරිත් විරිත් කැළෑගත වූ යුගයෙක සිංහල සිරිත් විරිත් වලට නව පණක්‌ වෙමින් වෙහෙර විහාර වල දියුණුවට විශාල වූ වැඩ කොටසක්‌ මෙහෙය වූ මලලසේකර මහතා සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂය ද බෞද්ධ විශ්ව කෝෂයේ සංස්‌කරණ ය පිණිස ද සිය ජීවත කාලයෙන් කොටසක්‌ ගෙවා දැමීය. මෙතුමන් වැනි වියතුන් රටකට බිහිවනුයේ කලාතුරකිනි.

සිහළ සංස්‌කෘතියේ වැදගත්කම වටහාගත් ගුණපාල මලලසේකර මහතා එමැ ආභාසයෙන් සකස්‌ කොට ගත් තම ජීවිත කාලය කැපකල අයුරු කා හට නමුත් ප්‍රසන්නය. ආදර්ශමත් ය.

(c) Shilpa Sayura Foundation 2006-2017