අත්පත්‍රිකා
අත්පත්‍රිකා යනු අතින් අතට බෙදා හැරීම සඳහා පිළියෙල කරන ලද දැන්වීම් විශේෂයකි. එහි අන්තර්ගතය හා ආකෘතිය බොහෝ විට විවිධ වේ. එය විවිධ වන්නේ අත්පත්‍රිකාව සකස් කිරීමට හේතුවන අරමුණ අනුවය. අත්පත්‍රිකාවක දක්නට ලැබෙන පොදු ලක්ෂණ කීපයකි.
01. සිත් ගන්නා මාතෘකාවක් තිබීම.
02. අදාළ තොරතුරු වලින් යුක්ත වීම.
03. සංක්ෂිප්ත භාවයක් තිබීම.
04. දැනුම් දෙන්නා ගැන සඳහන් වීම.
05. දිනය, කාලය සහ ලිපිනය සඳහන් වීම.
06. වවිධ වර්ණ, චිත්‍ර, විවිධ හැඩතල වලින් හා ප්‍රමාණවලින් යුත් අකුරු භාවිතයෙන් අවධාරණය කළ යුතු කරුණු නිර්මාණාත්මක ව වෙසෙසා දැක්වීම.
07. අත්පත්‍රිකාව සැබවින් ම නිර්මාණාත්මක ලක්ෂණ පෙන්නුම් කිරීම.
08. සත්පත්‍රිකාව සඳහා භාවිතා කරන කරුණු කාහටත් තේරුම් ගත හැකි අයුරින් සරල වීම.
විවිධ තරග, උත්සව, විවිධ ආයතන මගින් තම නිෂ්පාදන පිළිබඳ ව කෙරෙන හඳුන්වා දීම් ආදී කරුණු, බෝවෙන රෝග ගැන කෙරෙන දැනුම් දීම්, සායන පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම් ආදී කරුණු විස්තර කර අත්පත්‍රිකා සකස් කර බෙදා හරිනු ලැබේ.