01. ඔබ ඕනෑ ම දෙයකට කරන වියදම සීමා කරන්න. එහෙත් අධ්‍යාපනයට කරන වියදම සීමා නොකරන්න. (වී.අයි.ලෙනින්)
02. අධ්‍යාපනයෙන් නිර්මාණය කළ නොහැකි දෙයක් නැත. (සිස්ලි.ජේ.ෂාරප්)
03. අරුත් සුන් වචන දහසකට වඩා සාමය ළඟා කර දෙන එක් වචනයකුදු අගනේ ය. (පාප් වහන්සේ)
04. හික්මීම නැති ඉගෙනීම අපරාධ කිරීමට නපුරු ආයුධයකි. (ශ්‍රීමත් ඩී.බී.ජයතිලක)
05. තම ඉගෙනීම පාසලට පමණක් සීමාකරන ශිෂ්‍යයා කූඩුවක් තුළ වැඩෙන පක්ෂියෙකු වැනි ය. (රවීන්ද්‍රනාත් තාගෝර්)
06. ජාතියේ ඉරණම තීරණය වන්නේ දරුවන්ට දෙන අධ්‍යාපනයෙනි. (ලුවී කොසුන්)
07. ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝම ය. දෙපයින් නැගිට බලන්න. (ජී.ජේ. ප්රමුඩන්)
08. පොතක් කියවීම වනාහි තමන් නොදන්නා විරූ රටකට විනෝදයක් උගැන්මක් සඳහා යාමකි.
09. කලාව වූ කලී මිනිසා විසින් සාක්ෂාත් කරගනු ලැබු උත්තරීතර හා විශිෂ්ටතම හැඟීම් අන්‍යයන් වෙත සම්ප්‍රේෂණය කිරීම අරමුණු කොටගත් මානව ක්‍රියාවලියයි.(ලියෝ ටෝල්ස්ටෝයි)
10. ගසෙහි අගය මැනිය යුත්තේ එහි හටගන්නා ඵලවලින් මිස කොළවලින් නොවේ. (පයිඩරස්)
11. ජීවිතය සාර්ථක කර ගැනීමට බුද්ධියට වඩා වැදගත් වන්නේ උත්සාහයයි. (චාල්ස් වන්ඩම්)
12. අද අපතේ හරින හරින හැම මොහොතක් ම අනාගත විපතට අවස්ථාවකි. (නැපෝලියන් බොනපාට්)
13. "ධම්මා භවේ රක්ඛති ධම්මචාරී" ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කෙරේ.
14. අධ්‍යාපනයට වැයකරන ධනය හා ශ්‍රමය අනාගතයට කරන ආයෝජනයකි. (ශ්‍රී ජවහල් නේරු)
15. අවංකභාවය තරම් වටිනා උරුමයක් තවත් නැත. (විලියම් ශෙක්ස්පියර්)