උපසර්ග පද
 
උපසර්ග යනු සමීප ව සිට එක්වීම යන අර්ථය දෙයි. ඒ අනුව නාමයකට හෝ ක්‍රියාවකට ඉතා ම සමීප ව යෙදී එම නාමයේ හෝ ක්‍රියාවේ අර්ථය විවිධ වෙනස්කම් වලට භාජනය කරන ලද පද විශේෂය උපසර්ග නමින් හැඳින්වේ. මෙම උපසර්ග වචනයක මුලට පමණක් යෙදෙයි. 

1. අර්ථය වෙනස් කරයි/විරුද්ධ අර්ථ දෙයි - දුක්, නිදුක්
2. අර්ථය තිව්‍ර කරයි.                 - මිහිරි, සුමිහිරි
3. අර්ථය අනුවම පවතී.               - පුන්, සුපුන් 
..................................................................

සිදත් සඟරාව සඳහන් කරන පරිදි උපසර්ග විස්සකි.
ප, පර, අව, ස, අනු, නිදු, වි, අ, අදි, සු, උ, අබි, පිරි, උප, අප, පස්, පිළි, අති.

පබල, පරපද, අවගුණ, සබඳ
මීට අමතර ව සංස්කෘත භාෂාවෙන් සංහලයට එක් වූ උපසර්ග පද ද ඇත.
ප්‍ර       - ප්‍රබන්ධ, ප්‍රබල, ප්‍රදක්ෂිණා, ප්‍රචණ්ඩ
පරා     - පරාජය, පරාගමන
සං      - සංගණනය, සම්පූර්ණ
නිස්/නිශ්/නිෂ් - නිශ්චල, නිශ්ශබ්ද, නිෂ්ඵල
අධි      - අධිවර්ෂය, අධිවේගි, අධිපති, අධිකාරිය
අභි      - අභිධර්මය, අභිමුඛ, අභිනව, අභ්‍යන්තර
ප්‍ර       - ප්‍රවර්ධන, ප්‍රගමන, ප්‍රහාර, ප්‍රභේද
ප්‍රති      - ප්‍රතිවිපාක, ප්‍රතිපක්‍ෂ, ප්‍රතිබල, ප්‍රතිකර්ම
සං       - සංවර්ධන, සංයෝග, සංකල්පනා, සංසර්ග  
පරි    - පරිසමාප්ත, පරිචාර, පරිගණක, පරිපථය
දුර්     - දුර්ගන්ධය, දුර්විපාක, දුරවබෝධ, දුර්ලබ
නිර්     - නිර්ව්‍යාජ, නිර්වින්දන, නිරුදක, නිර්වචන

(c) Shilpa Sayura Foundation 2006-2017