* අව්‍ය පද
"ව්‍ය" යනු වෙනස් වන හෝ වැයවන යන අර්ථ දෙයි. අව්‍ය යනු වෙනස් නොවන හෝ වැය නොවන යන අර්ථ දෙයි. ඒ අනුව භාෂාවේ ඇති පද වර්ග අතර වෙනස් නොවන හෝ වැය නොවන පද අව්‍ය පදයි. මෙසේ වෙනස් නොවන පද හෙවත් අව්‍ය පද දෙවර්ගයකි.
i. නිපාත පද
ii. උපසර්ග පද
..........................
* නිපාත පද
වාක්‍යයක මුල මැද අග යන කුමන හෝ තැනක යෙදී විවිධ අර්ථ ප්‍රකාශ කිරීම සඳහා යෙදෙන පද විශේෂය නිපාත නමින් හැඳින්වේ. නිපාත විවිධ අර්ථවල යෙදෙයි.
i. කාලය හඟවන නිපාත
අද, හෙට, ඊයේ, යළි, නැවත, පුන, ඉඳහිට, ඉක්බිති, අනතුරු, නිරතුරු, නිරන්තර, නිතර, නිබඳ, දැන්, ඉතිං, ඉතිකින්, පසුව, පෙරේදා, සදා
ii. උපමාවාචී නිපාත
මෙන්, සේ, ලෙස, වැනි, අයුරු, බඳු, වන්, විලස, වගේ, එව්
iii. භාව හෙවත් හැඟීම් හඟවන නිපාත
අහෝ, අපෝ, අයියෝ, අහා, අනේ, හෝ, හා, ඔහෝ, චී, චික්, චිකේ, චීයා, ඌඃ
iv. නැත යන අර්ථය ප්‍රකාශ කරන නිපාත (නිෂේධනාර්ථය)
එපා, නැහැ, නෑ, නො
v. ක්‍රියා විශේෂණ නිපාත
වහා, සෙද, යළි, විගස
vi. පද සම්බන්ධ කිරීමේ නිපාත. (සමුච්චයාර්ථයේ නිපාත)
ද, ත්, යි, සහ, සමඟ, කැටුව, හා
vii. ඇසූ දෙය නැවත කීමේ නිපාත (ශ්‍රැති ශුචනාර්ථයේ)
ල, ලූ
viii. පද සංසන්දනයේ නිපාත
හෙවත්, නොහොත්
ix. වාක්‍ය අලංකාර කිරීමේ නිපාත
වූ කලී, වනාහි
x. සීමාව හැඟවීමේ නිපාත
තුරු, දක්වා, පටන්, සිට, තෙක්
xi. ප්‍රමාණාර්ථයේ නිපාත
පමණ, තරම්, විතර, සා, බැගින්
xii. විභක්ති අර්ථ පළ කරන නිපාත
විසින්, කෙරෙන්, කෙරෙහි, කරණ කොට
xiii. අවධාරණාර්ථයේ නිපාත
ම, තමා, නම්, මිස
xiv. සමාප්තිවාචී නිපාත
ය, හ. සේක
xv. ආමන්ත්‍රණාර්ථය හඟවන නිපාත
එම්බා, එම්බල, බොල, බොලේ, ඒයි, ඕයි, කොල
xvi. ආශිර්වාද හඟවන නිපාත
වා
xvii. පිණිස යන අර්ථය දෙන නිපාත
තකා, සඳහා, වස්, පිණිස
xviii. ප්‍රශ්නාර්ථය හඟවන නිපාත
ඇයි, මන්ද, මොකෝ, මොකද, කිම, කිමද
xix. දිශා ශුචනාර්ථය හඟවන නිපාතය
අන්න, අර, මෙන්න