සමාස/සමාස ප්‍රභේද/අව්‍ය සමාසය/දකාර්ථ සමාසය
 
* සමාස
අන්‍යෝන්‍ය සම්බන්ධතාව ඇති පද දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකට එකතු කොට ගළපා ගනු ලැබීම සමාස නම් වේ. 
...........................
 *සමාස ප්‍රභේද
1. අව්‍ය සමාසය
2. දකාරර්ථාසමාසය
3. විශේෂණ සමාසය
4. විභක්ති සමාසය
5. අන්‍යාර්ථ සමාසය
.....................................
* අව්‍ය සමාසය
අව්‍ය පදයක් මුලට යෙදී සංක්‍ෂිප්ත වන, සෑදෙන සමාසය අව්‍ය සමාසය යි. අව්‍ය යන්නෙන් හඳුන්වන්නේ නො වරනැගෙන, වෙනස් නොවන පද හෙවත් නිපාත සහ උපසර්ග යි. එම නිසා නිපාතයක් හෝ උපසර්ගයක් මුලින් සිට පසු පදයක් හා එකතු වී සෑදෙන සමාසය අව්‍ය සමාසය නම් වේ. (නිදුක්, පබල, කුදිටු, උපවිදුහල්පති)
.............................
* දකාර්ථ සමාසය 
අන්‍යෝන්‍ය සම්බන්ධතාව ඇති පද දෙකක් හෝ ඊට වැඩි ගණනක් "ද", "ත්", "යි" එකට සම්බන්ධ කොට එම අකුරු ඉවත් කොට ගළපා ගනු ලබන සමාසය දකාර්ථ සමාසය යි. (දුක සැප, ඉරහඳ, ඇළදොළ)
....................................................
* විශේෂණ සමාසය
විශේෂණයක් හා විශේෂ්‍යයක් එකතු වී සෑදෙන සමාසය විශේෂණ සමාසය යි. මෙම සමාසයේ දී විශේෂණය හා විශේෂ්‍ය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතුම ය.
1. විශේෂණ පූර්ව පද සමාසය - සුදුමල, නිල් අහස
2. විශේෂණ උත්තර පද (පරපද) සමාසය - රාහුල හිමි, ගුත්තිල ඇඳුරු
3. උපමා විශේෂණ පූර්ව පද සමාසය - උකුසු බැල්ම, මල් හිනාව
4. උපමා විශේෂණ උත්තර පද (පරපද) සමාසය - නර සී, වත කමල, ශාක්‍යසිංහ
5. සංඛ්‍යා විශේෂණ පූර්වපද සමාසය - පන්සිල්, අටසිල්
...............................................................

* විභක්ති සමසය
ප්‍රථමා සහ ආලපන යන විභක්ති දෙක හැර සෙසු විභක්ති හතෙහි පදයක් හා එකතු වී සෑදෙන සමාසය විභක්ති සමාසය යි. විභක්ති හතක් සමඟ මෙම සමාසය යෙදෙන නිසා මෙම සමාසය ද හත් වැදෑරුම් වේ.

විභක්ති සමාසය කොටස් හතකින් යුක්ත ය.

1. කර්ම විභක්ති සමාසය - කම්කරු, වැඩකරු
2. කර්තෘ විභක්ති සමාසය - පරපුටු, දෙව්දත්
3. කරණ විභක්ති සමාසය - කිරිබත්, රජකම්
4. සම්ප්‍රදාන විභක්ති සමාසය - පිංහාල්, ශිෂ්‍යාධාර
5. අවධි විභක්ති සමාසය - ඇස්වහ, මීදුම්
6. සම්බන්ධ විභක්ති සමාසය - බුද්ධ ධර්මය, රජපිරිස
7. ආධාර විභක්ති සමාසය - වනමල්, පොල්තෙල්
............................
* අන්‍යාර්ථ සමාස
සමාස වන පදයන්ගේ අර්ථය හැර වෙනත් අර්ථයක් ප්‍රකාශ කරන සමාසය අන්‍යාර්ථ සමාසය යි.

* සහස් ඇස් ඇත්තේ යමෙකුගේ ද - සහසැස්
* තුන් ලෝකයට නායක වූ යමෙක් ද - තිලෝනා
* පෙති සියයක් ඇත්තේ - සියපත්

(c) Shilpa Sayura Foundation 2006-2017