මූර්ධජ "ළ" කාරයෙන් පටන් ගන්නා වචන කීපයකි මේ.
ළිඳ - ළඟ - ළඳ - ළැව්ගින්න - ළදරුවා - ළමයා - ළමිස්සි
ළය - ළෙන්ගතු - ළහිරු - ළිප
මූර්ධජ "ළ" කාරය කිසි විටෙකත් හල් ව නොයෙදේ. එබඳු තැන්හි "ල" යෙදේ. මූර්ධජ "ළ" කාරය දෙකක් එක් තැන යෙදෙන්නේ ද නැත.
දන්තජ හා මූර්ධජ "ල" "ළ" දෙක එක තැන යෙදෙන බොහෝ විට මූර්ධජ ළ යන්න මුලට යෙදේ.
වළලු - නළල - පළල
සමූහයක් හඟවන රළ, පෙළ, මුළ, වැනි තැන්වල මූර්ධජ "ළ" යෙදේ. (ගස් පෙළ, ළමා පෙළ, මුව රළ, තරු වැළ, මින් රැළ, සොර මුළ)
එහෙත් සමූහවාචී කැල ශබ්දය මූර්ධජ "ළ" නොගනී.
ස්ථානවාචී පොළ ශබ්දයේ ළකාරය (මූර්ධජ වේ)
උදා : දුම්රියපොළ
ඟ, ඳ, ඝ යන සඤ්ඤක අකුරුවලට මුලින් බොහෝ විට ම යෙදෙන්නේ මූර්ධජ "ළ" කාරය යි. (සුළඟ, ළිඳ, බොළඳ, වෙළඹ)
ස්වරයක් සහිත ව මූර්ධජ "ළ" යන්නෙන් අවසන් වන පද රාශියක් ඇත.
ඇසළ - ඉහළ - සැණකෙළි - කළු
උකුළ - එළවළු - කොටළු - කළ
පිරුළ - එළිපෙහෙළි - කවුළු - හුළ
ධාතු ප්‍රකෘතිය "ර" කාරයෙන් අවසන් වන ක්‍රියා පදවල අතීත කාල ක්‍රියා රූපයේ මූර්ධජ "ළ" යෙදේ.
ධාතු ප්‍රකෘතිය ක්‍රියාරූප
කර - කළේ ය, කළෝ ය, කළ
කර - කළේ ය, කළෝ ය, කළ
අතුර - අතුළේ ය, අතුළෝ ය, අතුළ
වපුර - වපුළේ ය, වපුළෝ ය, වපුළ
මර - මළේ ය, මළෝ ය, මළ
වදාර - වදාළේ ය, වදාළෝ ය, වදාළ
විචාර - විචාළේ ය, විචාළෝ ය, විචාළ