01. සි පුවිය මහසෙන මහරජහ පුත සිරිමෙකවණ අබමහරජහ වත ලෙගි
02. තක තිණවනක වසහි නකරහි උතුර පසහි කළහුමනක නියම තනහි සිය අ
03. වීය කිනියෙහි නිකත කඩුබලගමකෙහි වසනක අමෙති පහෙජ සිවය
04. හ පුත දෙවයහ යහිස පවය-නව වහෙරකෙහි දින අරියව-
05. ස වටවි
.............................................................................
මේ කරුණු විමර්ශනය කිරීමේ දී දඹදිව පල්ලව අක්ෂරවලින් ආභාෂය ලබා ඇති බව ද විද්වත්හු පිළිගනිති. න-ණ අක්ෂර විකාශනය වූ බව මෙන් ම එකල න-ණ කාරය ලියා ඇති ආකාරය ලියා ඇති ආකාරය සැලකීමේ දී පැහැදිලි වේ.
එකල මෙරට පැවැති ආර්ථික තත්ත්වය ද කෘෂිකර්මාන්තයේ ස්වරූපය ද, භික්ෂූන් වහන්සේ සඳහා ප්‍රත්‍යය පහසුව සැලසූ විලාසය ද තෝණිගල ලිපියෙන් හෙළිදරව් වන්නේ ය. මෙසේ ඓතිහාසික තොරතුරු රැසක් සනාථ කරන තෝණිගල හෙවත් නාගරගල ලිපිය සුවිශේෂි වූ අගනා ලියවිල්ලක් වන අතර පැරණි මූලාශ්‍රයයක් ද වන්නේය.
.............................................................................
අර්ථ :
01. යහපතක් වේවා, පෘථීවීශ්වර (පෙර සිටි?) මහාසේන මහරජුගේ පුත්‍ර ශ්‍රී මේඝවර්ණාභය මහරජු සේසත් නැඟීමෙන් (රජ බවට පත්වීමෙන්)
02. තුන්වන වර්ෂයෙහි, නගරයේ උතුරු පාර්ශවයෙහි (පිහිටි) කළහුමනක නම් වෙළෙඳ ශ්‍රේණියෙහි (වෙළෙඳ නගරයෙහි) තම (ධනය)
03. වැය (වියදම්) කිරීමක් හෝ අඩු කිරීමක් නො කරන සේ පිහිටුවන ලද කඩුබලගම වසන ඇමති මඬුල්ලෙහි (කෙනෙකු වූ) සිවයගේ
04. පුත්‍ර දෙවයගේ, (දේවයා විසින්) යහිස පවය නම් අභිනව විහාරයට දෙන ලද ආර්යවංශ වෘත්තිය හෙවත් ආරියවංශ උත්සවය සඳහා දෙන ලද දීමනාව නම්)
සිංහල භාෂා විකාශනය පිළිබඳ ව කරන භාෂා තත්ත්ව පරීක්ෂණයක දී මෙවැනි ලිපි ඉතා වැදගත් වේ. එහෙත්, එක් යුගයකට අයත් එක් ලිපියකින් පමණක් භාෂාවක පරිණාමය පිළිබඳ පරීක්ෂණයක් කළ නොහැකි බව ද සිහිකටයුතු ය.
පුරාවිද්‍යාව අනුව අක්ෂරවල පරිණාමය ද ඉතා වැදගත් ය. ඒ පිළ්බඳ ව තෝණිගල ලිපියෙන් හෙළිවන කරුණු ඉතා අගනේය.
අ-ක-ර යන අකුරුවල සෘජු රේඛා නොමැති වීම, ක්‍රි.ව. මුල් භාගයේ ඉඳහිට දක්නට ලැබෙන "ඉ කාරය" මෙහි ක්‍රම කීපයකට ලියා තිබීම, "උ" හා "ර" අතර ස්වල්ප වෙනසක් තිබීම, "ග" අක්ෂරය දෙයාකාරයකින් ලියා තිබීම, "ඨ" කාරය ලිපියක පළමු වරට දක්නට ලැබීම ඒ වැදගත් කරුණු අතරින් කීපයකි.