පූජ්‍ය කොත්මලේ අමරවංශ හිමියන් ගේ "ලක්දිව සෙල්ලිපි" කෘතියේ තෝණිගල සෙල්ලි්පිය ගැන දක්වා තිබෙන කරුණු ඇසුරෙන් සකස් වූ පාඩමකි. පැරණි ලංකාවේ භාවිත කළ භ්‍රාහ්මී අක්ෂර ක්‍රමය පැහැදිලි කරන මෙම පාඩම, පැරණි අකුරුවල ස්වරූපය විදහා දක්වයි.
...........................................................................
'ගලේ කෙටූ ලියවිල්ල' සෙල්ලිපිය නමින් හැඳින්වේ. ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් සොයාගත් හාරදහසක් පමණ වූ සෙල්ලිපි අතරින් 1048ක් සවිස්තරව සංඛ්‍යා ලේඛනවලට ගෙන තිබේ. මේ සියලු සෙල්ලිපි පිහිටි ස්ථාන අනුව ලෙන්ලිපි, ගිරිලිපි, ටැම්ලිපි, පුවරුලිපි හා වෙනත් ලිපි ආදී වශයෙන් නම් කර, වර්ග කර ඇත. ගුහා ලිපි, පර්වත ලිපි, ස්තම්භලිපි, පරදලිපි ආදී වශයෙන් ද තවත් ආකාරයකට මේවා නම් කිරීමට, වර්ග කිරීමට පුළුවන.
ලෙන්ලිපි : ගුහාවල/ගල් ලෙන්වල සමහර විට ලෙන ඇතුළත කටාරම අසල කොටන ලද ලිපි, ලෙන්ලිපි ලෙස හැඳින්වේ. වෙස්සගිරිය, මහින්තලේ, රිටිගල ආදී ස්ථානවල මේවා දැකිය හැකිය.
ගිරිලිපි : ගල්තලාවල/ගල්පර්වතවල කොටන ලද ලිපි ගිරිලිපි නමින් හඳුන්වනු ලබයි. තෝණිගල, දඹුල්ල, සිතුල්පව්ව ආදී ස්ථානවල දක්නට ලැබේ.
ටැම්ලිපි : ගල්ලෙන තුලට වැසි ජලය ගලානොඑන ලෙස, ලෙන්දොරට උඩින්, ගල අද්දර බේරා ඇති ගැටියසකසාසිටවූ ගල්කණුවල, ස්තම්භවල එක පැත්තක හෝ පැති කීපයක හෝ කොටවා ඇති ලිපි, ටැම් ලිපි නම් වේ. මොරගොඩ, සොරබොර වැනි ස්ථානවල මෙම ලිපි පිහිටා ඇත.
පුවරුලිපි : පුවරුවක විලාසයෙන් සැකසූ ගල් ලෑලිවල කොටවා ඇති ලිපි පුවරු ලිපි හෙවත් පරද ලිපි ලෙස හැඳින්වේ. මිහින්තලය, වේවැල්කැටිය, ජේතවනාරාමය ආදී ස්ථානවල දක්නට ලැබේ.

මීට අමතරව ගල්ඔරු, පයගැට ආදී තැන්වල දක්නට ලැබෙන ලිපි සහ තඹ සන්නස්, රන් සන්නස් මෙහි ලා වෙනත් ලිපි ලෙසින් සැලකේ.
මෙරට සෙල්ලිපි ඉතිහාසය දෙවනපෑතිස් අවධිය දක්වා ඈතට විහිදෙයි. (මිහින්තලේ කණ්ඨක චෛත්‍යයට කරන ලද පුද පූජා ආදිය පිළිබඳ සදහන් ලිපිය). මේ ලිපි අතර මුල් වකවානුවේ සිට හත්වන සියවස දක්වා ලියැවී තිබෙන ලිපි එක් ගණයකටත්, එතැන් සිට ලියැවී ඇති ලිපි තවත් ගණයකටත් ඒවායේ භාෂා ලක්ෂණ අනුව වෙන් කිරීමට පුළුවන.
වර්තමාන සිංහල හෝඩිය අද පවතින තත්ත්වයෙන් ම පුරාණයේ නොපැවතුණි. ඒ ඒ වකවානු තුළ ක්‍රමයෙන් එය විකාශනය වෙමින් පැවතිණි. මේ පිළිබඳ තොරතුරු විමසීමේ දී ඉහත සඳහන් සෙල්ලිපි අතිශයින් ම වැදගත් වෙයි. ඒවායෙහි එකළ පැවැති අකුරුවල සංකේත ඒ අයුරින් ම දැකිය හැකිවෙයි.
සිංහල අකුරුවල ආදී ම සංකේත බ්‍රාහ්මී අක්ෂර බව පැහැදිලි ය. සෙල්ලිපි විමසුමෙහි දී මුල් කාලයේ පැවැති අක්ෂරවල හැඩය හා විලාසය ද, එකල පැවැති භාෂා ව්‍යවහාරය ද, ලිපිවල ආකෘතිය ද යනාදී තොරතුරු හමුවේ.
මෙයින් අපට තෝණිගල සෙල්ලිපිය ඉතා වැදගත් වෙයි. වවුනියාවේ සිට හොරොව්පතානට යන පාරේ හයවන සැතපුම් කණුවට සැතපුම් භාගයක් පමණ උතුරින් පිහිටි දකුණු තිලක්කුමලය ප්‍රදේශයෙහි තෝණිගල හෙවත් "නාගරගල" නමින් හමුවන ගල්තලාවේ පිහිටි මෙම ලිපිය ක්‍රි.ව. හතරවන ශතකයේ මෙරට රජකළ සිරිමෙවන් රජපුගේ කාලයේ ලියැවුණු ලිපියක් ලෙස පිළිගැනේ.
මේ ලිපිය එකල මෙරට ව්‍යවහාරයේ භාවිත කෙරුණු බ්‍රාහ්මී අක්ෂර වලින් සමන්විතය. මෙහි පළමු පේළියේ සිට හතරවන පේළිය තෙක් දිග අඩි නවයකින් ද, පහේ සිට දහසය පේළිය දක්වා දිග අඩි හතකින් ද, දහහත්වන පේළිය දිය අඩි දෙකකින් ද යුක්ත වේ. උස අඩි දහයකි්.

පැරණි ලංකාවේ පැවති බැංකු ක්‍රමයක් ගැන මේ ලිපියෙන් හෙළිවීම වශේෂත්වයකි. දේව නමැත්තෙකු "කලහුමනක නියමතනහි" හෙවත් කලහුමනක නම් වෙළඳ පොළෙහි වී උඳු මුං තැන්පත් කොට එහි පොලිය "යහිසපවය" වෙහෙරෙහි ආර්යවංශ උත්සවය පවත්වනු සඳහා වඩින සංඝයා වහන්සේට ප්‍රත්‍ය සම්පාදනය පිණිස පූජා කිරීම පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් කර තිබේ.