වලිසිංහ හරිස්‌චන්ද්‍ර තුමා
 

ක්‍රි.ව. 1877 දී මීගමුව ප්‍රදේශයේ උපන් වලිසිංහ හරිස්‌චන්ද්‍ර මැතිතුමා ගේ මුල් නාමය එඩ්වඩ් සිල්වා නමි. බෞද්ධයන් විරල පෙදෙසක සිංහල බෞද්ධ මවුපියන් ඇසුරේ වැඩුණ මෙතුමා සිංහල කමත් බෞද්ධාගමත් ආරක්‍ෂා කර ගැනීමේ චේතනාවෙන් කටයුතු කෙළේ ය.

ආදර්ශමත් දිවියක්‌ ගත කළ මෙතුමා, අනුරාධපුර, මිහින්තලේ නටඹුන් ආරක්‍ෂා කිරීමටත්, වැඩි දියුණු කිරීමටත් බලවත් උත්සහයෙක යෙදිණ. සිය දේශණ තුළින් සමාජ මෙහෙවරක යෙදුණ මෙතුමා වටා විශාල පිරිසක්‌ එකතු වීය. අනගාරික ධර්මපාල තුමා පිවිසුණ මගෙ හි ගමන් අරභමින් හරිස්‌චන්ද්‍ර තුමා කාලයක්‌ ගුරුවරයෙකු ලෙස ද නොයෙකුත් සමිති වල නිල තල හොබවමින් යහපත් නායකත්වයක්‌ දුන්නේ ය.

වයස තිස්‌ හතක්‌ තරම් ඉතා කෙටි කලක්‌ ජීවත් වූව ද එම කාලය තුළ මවු බිමට කළ සේවය ඉතා ඉහළය. මෙතුමා වාසය කළ නිවෙස ද කෞතුකාගාරයක්‌ බවට පත් කොට ඇති මෙ දින මීගමුවේ හරිස්‌චන්ද්‍ර විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරිස්‌චන්ද්‍ර ශාලාව හා අනුරාධපුර හරිස්‌චන්ද්‍ර පුස්‌තකාලය මොහු සිහිවනු පිණිස වේ.

ශ්‍රී ලංකාවේ වීරෝධාර නාමාවලියේ අනගාරික ධර්මපාල තුමා සමඟ වලිසිංහ හරිස්‌චන්ද්‍ර මැතිතුමා ද සිහිවන්නේ නිරායාසයෙනි.

(c) Shilpa Sayura Foundation 2006-2017