ආරම්භය : එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 28 කගේ සම්මතයෙන් වර්ෂ 1948 අප්‍රේල් මස 01 වැනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය බිහිවිය. මෙම දිනය ලෝක සෞඛ්‍ය දිනය ලෙස සලකනු ලැබේ. මෙහි මූලස්ථානය ජිනීවා නුවර පිහිටුවා ඇත.
අරමුණු : ලොව සෑම ප‍්‍රදේශයකම සෑම ජන කොටසක්ම සෞඛ්‍ය සම්පන්නව තබාගැනීමට උපකාරීවීම මෙම සංවිධානයේ මූලික අරමුණ වේ. වර්ෂ 1978 දී රුසියාවේ “අල්මා අටා” නගරයේ පැවැති සෞඛ්‍ය සම්මේලනයේදී 'කි‍්‍ර.ව. 2000 දී සැමට සුවසෙත' නමින් වැඩ සටහනක් දියත් කරනු ලැබීය. (මෙම වැඩ සටහන ලොව ඉමහත් ප‍්‍රසිද්ධියට පත්වූ ක‍්‍රමවත් වැඩසටහනක් විය.
එමගින්,
* ලොව සෞඛ්‍ය අධ්‍යාපනය නඟාසිටුවීම
* ආහාර සහ පෝෂණය නඟාසිටුවීම
* පිරිසිදු ජලය සහ සනීපාරක්‍ෂාව ගැන සැලකිලිමත්වීම
* ළමා සෞඛ්‍ය සහ පවුල් සැළසුම් ක‍්‍රමවත්කිරීම
* මාතෘ සංරක්ෂණය කිරීම
* වසංගත රෝග නිවාරණය කිරීම
* රෝගවලට ප‍්‍රතිකාර කිරීම
* ඖෂධ වර්ග සැපයීම,
යන කරුණු වලට වැඩි දායකත්වයක් සපයයි. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් අරමුණු කරගෙන මෙම වැඩ සටහන කි‍්‍රයාත්මක වේ.
වගකීම : ලෝකයේ ඕනෑම ස්ථානයක හදිසි සෞඛ්‍ය ගැටලු ඇතිවුවහොත් ඒ පිළිබඳව වහා කි‍්‍රයාත්මකවීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වගකීමක් ලෙස සැලකේ. නිරන්තරයෙන් ම රෝග පිළිබඳව පර්යේෂණ කටයුතු සිදුකෙරේ. මෙම පර්යේෂණ කටයුතුවලදී එක්සත් ජාතීන්ගේ ආධාර වැඩ සටහන සහ ලෝක බැංකුව යන ආයතනවලින්ද මීට සහාය දක්වයි.
සංවර්ධනය වන රටවල සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විශේෂඥයන් 1900 ක් පමණ මෙම නිරීක්‍ෂණ කටයුතු සඳහා සේවයේ පිහිටුවා සිටිති. තවද, 1600 ක් පමණ පිරිසක් සංවර්ධනය වන රටවල සේවයේ යොදවා තිබේ.
මධ්‍යම අධිකාරිය : ලෝක සෞඛ්‍ය සංවිධානයේ මධ්‍යම අධිකාරිය ලෙස කි‍්‍රයාකරන මහා සම්මේලනය වසරකට වරක් රැස් වේ. මෙම සම්මේලනයට සාමාජික රටවල් 192 ම සහභාගි වේ. මෙම සංවිධානයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය 30 යුක්ත සාමාජිකයින්ගෙන් සමන්විත වෙන අතර, විධායක මණ්ඩලය 30කගෙන් ද යුක්ත වේ.
මහා සම්මේලනයේදී, විධායක මණ්ඩලය විසින් අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කරනු ලැබේ. විධායක මණ්ඩලය වසර පහෙන් පහට වෙනස් වේ. වැඩ කටයුතු කි‍්‍රයාත්මක කිරීම සාමාජික රටවලින් ලැබෙන සාමාජික මුදල්, එක්සත් ජාතීන්ගේ වෙනත් සංවිධානවලින් ලැබෙන මුදල් රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධානවලින් ලැබෙන මුදල් වලින් සංවිධානයෙ වැඩ කටයුතු කි‍්‍රයාත්මක කෙරේ.