1815 වර්ෂයේ ලංකාවේ පාලන බලය හිමිකර ගත් ඉංග්‍රීසිහු ඔවුන්ට අවශ්‍ය පරිදි මෙරට ජනයාගෙන් බදු අය කරන්නට විය. එ තෙක් පැවති දේශීය අනන්‍යයතාවය ද නොතැකු ඇතැම් සිංහලයෝ තම අභිමතාර්ථය පමණක් ඉටුකර ගනු වස් ක්‍රියා කළෝ ය.
ඉංග්‍රිසි හමුදාවේ තනතුරු ලද දුනුවිල ලොකුබණ්‌ඩා නමැති අය ද සිහලුන්ට ම විරුද්ධව කටයුතු කළේ ය. මෙ නිසාවෙන් කිපුණු සිහලුන් ඉංග්‍රීසි පාලනය ට විරුද්ධව කැරැලි සංවිධානය කළහ. මෙ නයින් 1818 දී සංවිධානය කළ මාතලේ කැරැල්ලේ නායකත්වය දැරුවේ ගොංගාලේ ගොඩ බණ්‌ඩා නමැති වීර ධීර තරුණයෙකි.
අභාග්‍යමත් යුගයක දේශයේත් ජාතියේත් නිදහස වෙනුවෙන් සටනට පිවිසි මොහු වටා එකතු වූ පිරිස විශාල වී නමුත් මෙකල ආණ්‌ඩුකාර ටොරින්ටන් සාමිවරයා ගේ අණ කිරීමෙන් ගොංගාලේ ගොඩ බණ්‌ඩා ඇතුළු සිංහයෝ විශාල පිරිසක් අත්අඩංගුවට පත්වූහ. අවශ්‍ය අවස්‌ථාවේ ඉංග්‍රීසි හු හා සටනට පිවිසි මොහු සැබවින් ම අපේ ජාතික වීරයකි.
![](/sayura/images/logo2.png)