යුරෝපා සංගමය යනු, යුරෝපා මහාද්වීපය පුරා සාමය, ස්ථාවරත්වය සහ ආර්ථික සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින් ස්වෛරී රාජ්‍යයන් අතර අසමසම සහයෝගී පිළිවෙතක් නියෝජනය කරන දේශපාලන සහ ආර්ථික සබඳතාවකින් යුතු සංවිධානයකි.
1950 වසරේදී ආරම්භ කළ යුරෝපා සංගමය මිලියන 500 කට අධික ජනතාවකට තමන්ට රිසි පරිදි ගමන් කිරීමටත්, තමන් කැමති තැනක පදිංචි වීමටත් අවස්ථාව සලසා දෙමින්, භාණ්ඩ සහ සේවා සඳහා රාජ්‍යයන් 28ක් පුරා පැතිරුණු තනි වෙළඳපලක් නිර්මාණය කිරීමට සමත්ව සිටී.
එමගින් “යුරෝ” නම් තනි මුදල් ඒකකය නිර්මාණය කර ඇති අතර එය මේ වන විට ලොව පවතින ප්‍රධානතම මුදල් ඒකකයක් බවට පත්ව ඇත.
මේ වන විට යුරෝපා සංගමය “විවිධත්වයේ එකමුතුව” තේමාව ප්‍රවර්ධනය කරමින් ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, බල්ගේරියාව, ක්‍රොයේෂියාව, සයිප්‍රසය, චෙක් ජනරජය, ඩෙන්මාකය,
එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටාව, නෙදර්ලන්තය, පෝලන්තය, පෘතුගාලය,
රොමේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය යන සාමාජික රාජ්‍යයන් 28කින් සමන්විත වේ.
සියලුම සාමාජික රාජ්‍යයන් සමග දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා පවත්වමින් ලෝක මට්ටමේ කටයුතු තුළ ප්‍රමුඛතම ක්‍රියාකාරී සංවිධානයක් ලෙස පිළි ගැනේ. යුරෝපා සංගමයේ ආර්ථික සහ වෙළඳ ප්‍රතිපත්ති හේතුවෙන් එය ලොව පවතින සවිමත්ම, වඩාත් තරගකාරී තනි ආර්ථිකය බවට පත්ව ඇත. ලෝක මට්ටමේ ආනයන සහ අපනයන වලින් පහෙන් එකකට අධික ප්‍රමාණයක් සඳහා මැදිහත් වෙමින් යුරෝපා සංගමය ලෝකයේ ප්‍රධානතම වෙළඳ බලය ලෙස, ලෝක ආර්ථික පද්ධතියේ (විශේෂයෙන් ජාත්‍යන්තර වෙළඳාම සහ වෙළඳ ගනුදෙනුවල) ක්‍රියාකාරී, ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.
සාමාජික රාජ්‍යයන් සිය ප්‍රතිපත්ති සම්පාදනයටත්, සාමූහික අරමුණු ප්‍රවර්ධනය කිරීමටත් පොදු ආයතන හරහා එකමුතුව කටයුතු කරයි. යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති සඳහා වන උපායමාර්ගික උපදේශක සහ ගාමක බලවේගය ලෙස කටයුතු කරන, රාජ්‍යයන් හෝ රාජ්‍යයන්වල යුරෝපා සංගම් ප්‍රධානීන්ගෙන් සමන්විත යුරෝපා මණ්ඩලය, යුරෝපා සංගමයේ විධායකය ලෙස කටයුතු කරන, පොදුවේ ගත් කළ සංගමයේ පොදු අරමුණු නගාසිටුවන යුරෝපා කොමිසම, ජාතික රජයන් නියෝජනය කරන යුරෝපා සංගම් මණ්ඩලය (මෙය අමාත්‍ය මණ්ඩලය ලෙස ද හැඳින්වේ), යුරෝපා සංගමයේ සාමාජික රටවල පුරවැසියන් නියෝජනය කරන සෘජුව තේරී පත්වන යුරෝපා පාර්ලිමේන්තුව යුරෝපා සංගමයේ ප්‍රධාන ආයතන වේ.
1950 දශකයේ සිය ආරම්භය සනිටුහන් කළ දා පටන් යුරෝපා සංගමය සංවර්ධන සහයෝගීතාව තුළ ක්‍රියාකාරීව කටයුතු කර ඇත. සිය ගිවිසුමේ දැක්වෙන ආකාරයට, සංවර්ධන සහයෝගීතා ප්‍රතිපත්තියේ යුරෝපා සංගමයේ මූලික අරමුණ වන්නේ දුගීබව මුලිනුපුටා දැමීමයි.
සිය සාමාජික රාජ්‍යයන් ඇතුළුව යුරෝපා සංගමය යනු, පුද්ගලයාගේ ජාතිය, ආගම, ස්ත්‍රී-පුරුෂ භාවය, දේශපාලන මතය හෝ ජනවර්ගය නොසලකා හරිමින්, අවධානයට ලක් වූ ජනතාව වෙනුවෙන් හදිසි සහ මානුෂීය ආධාර ලබා දෙන ලොව ප්‍රමුඛතම සංවිධානයකි.
අභ්‍යන්තරිකව මෙන්ම ලෝකය පුරා ද මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යුරෝපා සංගමයේ ප්‍රධාන ඉලක්කයකි. මානව ගරුත්වය, නිදහස, ප්රජාතන්ත්රවාදය, සමානාත්මතාව, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම්වලට ගරු කිරීම යුරෝපා සංගමයේ මූලික හරපද්ධතීන් වේ.
මෙමගින්, සුළු ජාතීන්ට අයත් කාන්තාවන්ගේ, ළමයින්ගේ සහ පුද්ගලයන්ගේ මෙන්ම අවතැන් වූ ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු කරයි.
අවශ්‍යතා සහිත ජනතාවට උපකාර කිරීම සඳහා යුරෝපා සංගමය දීර්ඝ-කාලීනව කැප වෙයි. යුරෝපා කොමිසමේ මානුෂීය කාර්යාලය (ECHO) බිහි වූ දා සිට ගෙවුණු වසර 20 තුළ, ලොව රාජ්‍යයන් 140 ක ගැටුම් සහ ආපදාවලට ගොදුරු වූවන් වෙනුවෙන් එය යුරෝ බිලියන 14 ක මානුෂීය ආධාර ලබා දී ඇත.