කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ මොහු බුදුන් සරණ ගොස් මහවනයක් මැද පන්සලක් තනවා එක් භික්ෂූන් වහන්සේ නමකට පුදා දාන මාන හා සිවුරු පිරිකර පිදීය.
මේ කුසලයෙන් බොහෝ දෙව් සැපත් විඳ මෙරට බොහෝ සම්පත් ඇති නිවසක උපත ලැබීය. ඔහු සියළු ආයුධ හරඹයේ කෙළ පැමිණි අතර මහත් ශක්තිවන්ත විය.
ඔහු ගැන අසා කාවන්තිස්ස රජතුමා ගෙන්වා ගත් අතර පසුව ලක්දිව එක් සේසත් කොට බොහෝ කුසල් රැස් කළේය.
