වීර පුරන් අප්පු
 


 

 

 

 

වර්ෂ 1812 නොවැම්බර් මොරටුව ලක්‍ෂපතියේ උපන් වීර හැන්නදිගේ ප්‍රැන්සිස්‌කෝ ප්‍රනාන්දු ළදරුවා වයස අවුරුදු 13 දී නිවසින් පැන ගොස්‌ අවු. 35 දී උඩරට හරිස්‌පත්තුවේ බණ්‌ඩාර මැණිකේ සමඟ ආවාහ වූයේය.

ඉංග්‍රිසි පාලනයෙන් හෙළයන් ට අහිමි වී යන නිදහස නො ඉවසූ මොහු වයිකවුන්ට්‌ ටොරිංටන් සාමිවාරයා ගේ පාලන යුගයේ ඉංග්‍රිසින් ට විරුද්ධව කැරැලි සංවිධානය කළේය. භික්‌ෂූන් වහන්සේ ගේ ද උපකාර උපදෙස්‌ ලබමින් ඉංග්‍රිසින් හා සටන් වැදුනු පුරන් අප්පු මාතලේ කැරැළි සමයේ සිංහල කිහිප දෙනෙකු විසින් ඉංග්‍රිසින් ට පාවා දුන්නේ ය.

1848 අගෝස්‌තුවේ දී වීර පුරන් අප්පු විරුවා ට වෙඩි තබන අවස්‌ථාවේ ද ඔහුගේ මුවින් පිටවුනේ " මගෙ අම්මා මා වැනි පුතුන් තව දස දෙනෙකු ලැබුවා නම් සුද්දන්ගෙන් මගේ රට ගලවා ගැනීම අපහසු කරුනක්‌ නොවන " බවය.

(c) Shilpa Sayura Foundation 2006-2017