කාශ්‍යප බුදුන් සමයේ මොහු බුදුන් සරණ ගොස් නොයෙකුත් පින් දහම් කොට ඒ කුසලයෙන් බොහෝ කාලයක් දෙව් සැපත් විඳ පසුව රුහුණු රට උපන්නේය. ඔහුගේ පින් බලයෙන් උපන් දවසම මහා නිධානයක්ද පවුලට ලැබිණි.
කුඩා කල පටන් මහත් ශක්තිවන්තය. පසුව රාජ සේවයට කැඳවනු ලැබීය. ලක්දිව එක් සේසත් කොට පසුව බොහෝ පින්කම් කළේය.
