එන්ජිමක් ක්‍රියාකාරි වන විට චලිත ලෝහ කොටස් එකිනෙක ඇතිල්ලීමෙන් ඝර්ෂණය වේ. එවිට එම කොටස් ඉක්මනින් ගෙවී යෑම ද, එන්ජිමේ කාර්යක්ෂමතාව මෙන් ම ආයු කාලය ද අඩු වේ. එහෙයින් කොටස් අතර ඝර්ෂණය අඩු කිරීමේ ක්‍රමවේදයක් ලෙස ලිහිසි ද්‍රව්‍යය වන ස්නේහක යොදා ගනී.
මෙම ස්නේහක චලිත කොටස් අතර තුනී පටලයක් තනා කොටස් එක මත එක නොගැටී පහසුවෙන් ලිස්සා යෑමට සලස්වයි. එසේ වන්නේ එහි දුස්ස්රාවිතා ගුණය නිසාය. ද්‍රවයක දුස්ස්‍රාවිතාව යනු අණු අතර ඇති ඝර්ෂණ බලය හේතුවෙන් ගලා යෑමට බාධා ඇති කිරීම යි. මෙම ඝර්ෂණ බලයේ ප්‍රබලත්වය මනින සාධකයක් ලෙස දුස්ස්‍රාවිතාව සැලකිය හැකි ය. එනිසා, යම් යෙදවීමකට යොදන ස්නේහක තෙල්වලට ප්රශස්ත දුස්ස්‍රාවිතාවක් තිබිය යුතු ය.
එන්ජිම් සඳහා භාවිත කරන ප්‍රධාන ස්නේහක ක්‍රම තුනකි.
1. පෙට්‍රොයිල් ක්‍රමය (Petroil system)
2. සිංචන ක්‍රමය (Splash system)
3. කෘත පෝෂණ ක්‍රමය (Forced feed system)