ධීවර කර්මාන්තය
 

අතීතයේ දී මාළු ඇල්ලීමට කෙමන, ඉරටු, අතංගුව වැනි උපකරණ භාවිතයට ගෙන තිබුණි. නයිලෝන් නූල් නිෂ්පාදනයත් සමඟ බිලි පිති හා නයිලෝන් දැල් යොදා මාළු ඇල්ලීම සිදුකෙරිණි. මුහුදු ගොස් මාළු ඇල්ලීමට ලීයෙන් තැනූ ඔරු භාවිත විය. වර්තමානයේ වීදුරු කෙඳි සහිත ප්ලාස්ටික් මගින් ඔරු නිෂ්පාදනය කරයි. එයින් පසුව අතින් පදවන ඔරු භාවිතය අඩු වූ අතර එන්ජින් සවිකළ බෝට්ටු බවට ඔරුව විකාශය වී ශීතකරන සවි කර ගැනීම මගින් බහු දින යාත්‍රා බවට පත්විය.

මාළු ඉසව් හඳුනා ගැනීමට මුල් යුගයේ උසස් ශිල්පීය ක්‍රම භාවිත නොවුණි. ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති (GPS) තාක්ෂණය සමග වර්තමානයේ ධීවරයාට පහසුවෙන් මාළු ඉසව් හඳුනා ගැනීමට හැකිවේ.


මේ අනුව යම් කර්මාන්තයක සංවර්ධන ක්‍රියාවලිය අධ්‍යයනයේ දී ඒ සඳහා බලපාන සාධක හඳුනා ගැනීම අත්‍යවශ්‍යය. එවැනි සාධක කිහිපයකි මේ.


* අමුරදද්‍රව්‍ය උචිත ලෙස තෝරා ගැනීම සහ හැසිරවීම.

* උචිත යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ යොදා ගැනීම හා නිවැරදි භාවිතය.

* උචිත ශිල්පීය ක්‍රම තෝරා ගනිමින් යොදා ගැනීම.

* ශිල්පීන්ගේ ශිල්පීය නිපුණතාව හා ක්‍රියාකාරිත්වය.
(c) Shilpa Sayura Foundation 2006-2017