අතීතයේ ජල සම්පාදනය සඳහා ඇල, දොළ යොදා ගත්ත ද මේ වන විට එය ජල නළ දක්වා විකාශණය වී ඇත. බෝග වලට නිරන්තරයෙන් ජලය සැපයීම උදෙසා බිංදු ජල සම්පාදන ක්රමය වර්තමානයේ එක් වූ නව ක්රමවේදයකි. ආඬි ළිඳ වැනි ජලය ලබා ගැනීමේ ක්රම මෑතක් වන තුරුම උතුරු පළාතේ භාවිත කළ ද මේ වන විට විදුලි ජල පොම්ප යොදා ගැනීමට යොමුව ඇත.
අතීතයේ බෝග නිෂ්පාදනයේ දී පවතින ශාකවල බීජ භාවිතයෙන් කෘෂිකර්මාන්තයේ නිරත වූ අතර පසුව සරු ප්රභේද හඳුනා ගැනීම මඟින් දෙමුහුන්කරණයෙන් නව බෝග භාවිතයට පිවිසුණි. මේ වන විට පටක රෝපණය හා ජාන තාක්ෂණය ඔස්සේ දියුණු කළ නව බීජ ප්රභේද බිහිවී තිබෙන අතර එමඟින් පිලිබෝධ හා රෝග වලට ඔරොත්තු දෙමින් වැඩි අස්වැන්නක් ලබාගැනීමට හැකිවී ඇත.
අතීතයේ කෘෂිකර්මාන්තයේ දී බිම් සැකසීම මිනිස් ශ්රමයෙන් කෙරුණි. පසුව සත්ව ශක්තිය යොදා ගැණුනු අතර පසුව ට්රැක්ටර් වැනි යන්ත්ර භාවිත කෙරුණි. වර්තමානයේ ගොයම් කැපීම, පෑහීම, හුළං කිරීම හා ඇසිරීම වැනි කාර්යයන් සඳහා අධිතාක්ෂණික, බහු කාර්මික යන්ත්ර සූත්ර යොදා ගැනීමෙන් කාර්යක්ෂමතාව, කාලය ඉතිරි කරගැනීම වැනි වාසිදායක තත්ත්වයක් ගොඩනගා ගෙන ඇත.