වීදිය බණ්‌ඩාර කුමාරයා
 

පෘතුගීසීන් බලවත් වූ යුගයක කෝට්‌ටේ රජකම් කළ බුවනෙකබාහු රජතුමා හෙවත් තම මාමන්ඩිය ගේ දුර්වල පාලනය හේතුයෙන් වීදය බණ්‌ඩාර කුමරු රටේ පාලනයට ප්‍රබල බලපෑමක්‌ කළ වීරවරයෙකි. බුදු දහම නගා සිටුවීමටත් ජාතික හැගීමෙනුත් පෘතුගීසින්ට විරුද්ධව සටන් මෙහෙය වූ මෙම කුමාරයා පෘතුගීසින් කෝට්‌ටෙන් පලවා හැරීය. පෘතුගීසින් ට ජයගත නොහැකි අභියෝගයක්‌ වූ වීදිය බණ්‌ඩාර කුමරු ට මවු බිමෙන් ඔවුන් ව පලවා හැර ගත නොහැකි වූයේ පාලන බලය අපෙක්‌ෂාවෙන් පසුවූ ඇතැම් සිංහල නායකයින් නිසාමය.

ඒ වන විටත් පෘතුගීසින් වීදිය බණ්‌ඩාර සිරභාරයට ගැනීමට කටයුතු සැලසුම් කළහ. සිරබාරයට පත් වීදය බණ්‌ඩාර කුමාරයා ඔහුගේ දේවිය, සමුද්‍රාදේවිය විසින් රහස්‌ උමගයක්‌ මාර්ගයෙන් කුමරු මුදා ගත්තාය. සිය දේශයේත් රට වැසියාගේත් නිදහස වෙනුවෙන් සටන් වැදි වීරයින් අතර වීදිය බණ්‌ඩාර කුමාරයා ද වීරයෙකි.

(c) Shilpa Sayura Foundation 2006-2017