කෝට්‌ටේ රාජධානිය අගනුවර කොට ගත් මායාදුන්නේ රජතුමා, සීතාවක රාජසිංහයන් ගේ පිය තුමා ය. මෙතුමා ළමා කාලයේ පටන් ම එඩිතර කමින් පිරිපුන් කුමාරයෙකි. පිය රජුගේ ඇවෑමෙන් සිංහාසනාරූඩ වූ රාජසිංහ රජු ලංකාවේ පාලන බලය පෘතුගීසීන් අතට පත් වීමට ඉඩ නොදී ඔවුන් කොළඹ කොටුවට කොටු කරවීය. රටේ අභ්‍යන්තර කැරලි කෝලාහල නොවෙන්නට පෘතුගීසින් ලංකාවෙන් පලවා හැරීමට තරම් ශක්‌තියක් රාජසිංහ රජුට තිබුණේය. සීතාවක සිට රාජ්‍ය විචාල මෙතුමා පෙතන්ගොඩ සිය උයනේ දී පාදයේ ඇනුණු උණ කටුවක් විෂ වී මිය ගියා ද පර සතුරන් ගෙන් දේශය ආරක්‍ෂා කර ගැනීමට දැඩි උත්සහායෙන් කටයුතු කළ වීර වරයෙකි.