සවැනි පරාක්‍රමබාහු රජතුමා
 

ශ්‍රී පරාක්‍රමබාහු නමින් ද හදුන්වනු ලබන මෙම රජතුමා කෝට්‌ටේ රාජධානිය කොට රාජාභිෂේක ලද්දේ ක්‍රි.ව. 1410 දී පමණ ය. සිංහල සාහිත්‍ය ඉතිහාසයේ සවර්ණමය යුගය මෙතුමා රාජ්‍ය විචාල යුගය බව අවිවාදයෙන් පිළිගත යුතුය.

 

ලේඛණ කලාව ඉතාමත් දියුණු තත්වයක පැවැති මෙම යුගයෙහි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ, වීදාගම හාමුදුරුවෝ, වෑත්තෑවේ හාමුදුරුවෝ වැනි වියත් පඩිවරු බොහොමයක්‌ ජීවත් වූහ. මෙම රජතුමා ගේ අනුග්‍රහයෙන් ඳළදා වහන්සේ උදෙසා තෙමහල් මන්දිරයක්‌ ඉදිකොට එහි වටිනා මැණික්‌ වලින් යුත් රන් කරඬුවක්‌ තුළ දළාදා වහන්සේ තැන්පත් කොට තිබේ.

 

තම මෑණියන් වන පැපිලියානේ සුනේත්‍රා දේවි නමින් පිරිවෙණක්‌ ද කරවා භික්‌ෂූන් උපසම්පදා කරවීමට අවැසි කටයුතු සියල්ල ද සපුරා දුන් සවැනි පැරකුම්බා රජතුමා සැබැවින් ම ජාතියේ විරුවරයෙකි.

(c) Shilpa Sayura Foundation 2006-2017