බුවනෙකබාහු රජුගේ පුත් පරාක්‍රමබාහු කුමරු රාජාභිෂේක ලද්දේ ක්‍රි.ව. 1305 දී ය. ඒ පියාගේ ඇවෑමෙනි. කුරුණෑගල රාජධානිය කොට රජකල මෙතුමා සාහිත්‍ය ක්‍ෂේත්‍රයට දැක්‌වූ ඇල්ම නිසාම පණ්‌ඩිත පරාක්‍රමබාහු යනුවෙන් හදුන්නේ ද මෙම රජතුමා යි.
මහල් තුනකින් යුතු මැදුරක් තනවා එහි ඳළදා වහන්සේ හිඳුවා දළදා සිරිත නමැති පොතක් ද රචනා කළේය. රාජ්‍ය විචාරය කොතරම් කාර්&සාධන වුව ද පනසිය පනස් ජාතක පොත ද රචානා කළ මෙම රජතුමා පරණගම-තැඹිලිහෙල-දෙල්මඩ-මොරගොඩ-තොටගමුව හා දෙවිනුවර පූජනීය ස්‌ථාන රාශියක් ගොඩනංවන ලදී. රට ට, ජාතියට, ආගමට, කැපවීමෙන් කළ සේවය අපිරිමිතය.