බුද්ධදාස රජු
 

ක්‍රි.ව. 341 දී රජකමට පත් මෙම රජතුමා විවිධ දස්‌කම් පෑ ය. එයිනුත් මෙතුමා ප්‍රසිද්ධියට පැමීණියේ වෙදකමෙනි. කායික හා මානසික වෛද්‍ය විද්‍යාව පිළිබඳ හසල දැනුමක්‌ තිබූ බුද්ධදාස රජතුමා නගර ගම් නියම්ගම් පුරා වෙද හල් ඉදිකරවීය.

දිනක්‌ රජතුමා දිය කෙළියට යනු අතරවාරේ අසනීපව මහත් වේදනාවෙන් සිටි නාගයෙකු දැක ඔහුට ද වෙදකම් කොට සනීප කර ඇති බව ද ජනප්‍රවාදයෙහි ඒ.

බුදු දහමේ උන්නතියට ද කටයුතු කළ මෙතුමා මොනර පිරිවෙන ඇතුළු විහාර ආපනශාලා බොහෝමයක්‌ ඉදිකරවීය.

(c) Shilpa Sayura Foundation 2006-2017