කුඩා කාලයේ මහියංගණ රජ මහා විහාර ආශ්‍රයේ වැඩුණු මෙතුමා සැදැහැවත් බෞද්ධයෙකි. වෙසෙසින් රට වැසියා වෙනුවෙනුත් ශාසනික කටයුතු වෙනුවෙනුත් නිබඳ විමසිල්ලෙන් සිටි මෙම රජතුමා වරක්, තද නියං පැවති සමයක වැසි ඉල්ලා රන්මැලි සෑ මළුවේ සත්‍යක්‍රියා කොට වැසි ලබා දී ඇත්තේය.
මෙතුමා ගේ නිවුනු සිත නිසාවෙන් දෝ ගෝඨාභය කුමරු හා සටන් නොකොට රජකම හෑර අත්තනගලු වනයේ භාවනායෝගිව කල් ගෙවූයේ. රජකම කෙරේ ලොබ බැදි ගෝඨාභය කුමරු සිරිසඟබෝ රජතුමා විශ්වාස නොකෙළේ ය. මෙම රජතුමා ගේ හිස ඉල්ලා රට පරා අණ බෙර ලෑවේය. ත්‍යාගයට කැමති මිනිසුන් විවිධ මිනිසුන් මරා හිස රජු ඉදිරියට ගෙන ගියහ.
මේ බව දැනගත් සිරිසඟබෝ රජතුමා මිනිසුන් මරනවා නොකැමැති ව තොරතුරු පැවසූ මඟියාට ම තම හිස ගෝඨාභය කුමරුට දෙන මෙන් පවසා හිස දුන්නේ ය. ධාර්මික දිවි පෙවෙතකට පිවිසෙමින් කිසිවෙකුටත් හිරිහැයක් නොකළ සිරිසඟබෝ රජතුමා ගේ ආදර්ශමත් චරිතයෙන් උගත යුතු දේ අගය කළ යුතුය.