වලගම්බා රජතුමා
 

ක්‍රි.පූ.104 දී රජකමට පැමිණි වළගම්බා රජතුමා නොබෝ දිනෙකින් ම රජකම අතැර යන්නට වුනේ ඉන්දියාවෙන් පැමිණි සංවිධාත්මක ද්‍රවිඩයන් පස්‌ දෙනෙකු ආක්‍රමණය හේතුවෙනි. පලාගිය රජතුමා වනාන්තර ගතව, නැවත අනුරාධපුරයට පැමිණ සේනාසංවිධානයෙන් සතුරන් පලවා රජකමට පත්විය. නොපසුබට උත්සහායෙන් හා ඉවසීමෙන් රජකමට පත් වූ මෙතුමා ශාසන ඉතිහාසයට කළ අනුපමේය සේවය ලංකා ඉතිහාසයේ සවර්ණ අකුරකි.

උතුම් ගුණ සමුදායකින් පිරිපුන් මෙතුමා තමා වනගතව උන් ගුහා ඇතුළු ස්‌ථාන ලෙන් පූජනීය ස්‌ථාන කළේ ය. සබරගමු ප්‍රදේශයේ පිහිටි, පොත්ගුල් වෙහෙර, කකුළුවා වෙහෙර, බුදුලෙන් වෙහෙර, කොට්‌ටිමුල්වල වෙහෙර මෙම රජතුමා විසින් කරවන ලද පුද බිම් ය.

එතෙක්‌ කට වහරින් පැමිණි ත්‍රිපිටකය මාතලේ අළුවිහාරයේ දී සජ්ගායනා කොට ග්‍රන්ථාරූඩ කරවන ලද්දේ ද ආදර්ශමත් රජ කෙනෙකු වූ වළගම්බා රජතුමා ය.

(c) Shilpa Sayura Foundation 2006-2017