ප්‍රවේග කාල ප්‍රස්ථාර
 කාලය සමඟ ප්රරවේගය විචලනය වන ආකාරය නිරූපනය කිරීම සඳහා ප්රxවේග - කාල ප්රස්තාර උපයෝගි කරගනී. මෙහි දී ප්රරවේගය y අක්ෂයේත් කාලය x අක්ෂයේත් සලකුණු කරයි.
වස්තුවක කාලයත් සමඟ ප්‍රවේගය වෙනස් වීම පහත වගුවේ දක්වා ඇත.

මෙම දත්ත අනුව ප්‍රවේග-කාල ප්‍රස්තාරයකි මේ.

මෙම ප්රස්තාරය සරල රේඛාවක් වීමට හේතුව සෑම තත්පරයකදී ම ප්රනවේගය වෙනස් වී ඇත්තේ එක ම ප්ර මාණයකින් වීමයි. එනම් මෙම චලිතය ඒකාකාර (නියත) ත්වරණයකින් සිදුවන චලිතයකි.

මීට පෙර ද සඳහන් කළ පරිදි සරල සරල රේඛාව මත පිහිටි ඕනෑ ම ලක්ෂ්යන දෙකක y ඛණ්ඩාංක අතර වෙනස එම ලක්ෂ්ය දෙකෙහි x ඛණ්ඩාංක අතර වෙනසෙන් බෙදීමෙන් ලැබෙන අගයයි.

ප්‍රවේග කාල ප්රලස්තාරයක x අක්ෂයෙන් නිරූපණය කරන්නේ කාලය නිසා x ඛණ්ඩාංක දෙක අතර අන්තරය යනු කාල අන්තරයකි. අදාළ y ඛණ්ඩාංක දෙක අතර අන්තරය වන්නේ එම කාල අන්තරය තුළ සිදු වූ ප්ර්වේග වෙනසයි. ප්රරවේග වෙනස කාලයෙන් බෙදූ විට ලැබෙන්නේ ත්වරණයයි.

ඉහත රූපයේ පෙන්වා ඇත්තේ 6m s-1 ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක ප්‍රවේග-කාල ප්‍රස්තාරයයි. ඒකාකාර ප්‍රවේගයක් සහිත චලිතයක දී ප්‍රවේගය නොවෙනස් ව පවතින නිසා ලැබෙන ප්‍රස්තාරය x අක්ෂයට සමාන්තර සරල රේඛාවකි.

මෙම ප්ර්ස්තාරයෙන් දක්වන චලිතයේ ප්රාවේගය 6 m s-1 නිසා 2.3 කොටසේ දී ඔබ ඉගෙන ගත් සූත්රහය භාවිතයෙන් පහත දැක්වෙන පරිදි විස්ථාපනය ගණනය කළ හැකිය.
(c) Shilpa Sayura Foundation 2006-2017