විස්ථාපන - කාල ප්‍රස්තාර
  කාලය අනුව යම් වස්තුවක විස්ථාපනය විචලනය වන අයුරු නිරූපණය කරන ප්රගස්තාර විස්ථාපන-කාල ප්රුස්තාර ( displacement-time graphs) නම් වේ. විස්ථාපනය y අක්ෂයේත් කාලය x අක්ෂයේත් සලකුණු කර මෙම ප්රථස්තාර අඳිනු ලැබේ.

පහත දැක්වෙන වගුවේ කාලයත් සමග වස්තුවක විස්ථාපනය වෙනස් වීම දක්වා ඇත.

එම දත්ත සඳහා ප්රිස්තාරය පහත දී ඇත.

මෙම ප්රනවේගය ඒකාකාර නිසා මෙහිදී අපට ලැබෙන්නේ සරල රේඛීය ප්රමස්තාරයකි. ඉහත සරල රේඛාවේ අනුක්රවමණය සොයා ගැනීමෙන් ප්රපවේගය සොයාගත හැකිය.

සරල රේඛීය ප්රවස්තාරයක අනුක්රෙමණය ගණනය කරන්නේ එම රේඛාව මත පිහිටි ඕනෑම ලක්ෂ්යස දෙකක y ඛණ්ඩාංක අතර වෙනස එම ලක්ෂ්යප දෙකෙහි x ඛණ්ඩාංකය අතර වෙනසෙන් බෙදීමෙනි.

X අක්ෂරයෙන් නිරූපණය කරන්නේ කාලය නිසා x ඛණ්ඩාංක දෙක අතර අන්තරය යනු කාල අන්තරයකි. අදාළ y ඛණ්ඩාංක දෙක අතර අන්තරය යනු එම කාල අන්තරය තුළ සිදු වූ විස්ථාපනය යි. විස්ථාපනය කාලයෙන් බෙදූ විට ලැබෙන්නේ ප්රතවේගය යි. 

මේ අනුව ඉහත ප්රකස්තාරයේ සරල රේඛාව මත එකිනෙකට තරමක් ඈතින් පිහිටි A හා B ලක්ෂ්යල දෙකක් තෝරාගෙන පහත පෙන්වා ඇති ආකාරයට එම රේඛාවේ අනුක්රටමණය ගණනය කර එමගින් ප්රකවේගය සොයා ගත හැකි ය. 

එනම් මෙම ප්රරස්තාරයෙන් නිරූපණය වන චලිතයේ ප්රටවේගය 3 m s-1 වේ. සරල රේඛාවක අනුක්රෙමණය සෑම ස්ථානයකම එකම හෙයින් මෙම චලිතයේ ප්රරවේගය ඒකාකාර බව ගණනය කිරීමකින් තොරව කිව හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017