ත්වරණය
  අපට සාමාන්ය ජීවිතයේ දී බොහෝ විට දකින්නට ලැඛෙන්නේ ඒකාකාර නොවන ප්රාවේගවලින් ගමන් කරන වස්තූන් ය. මහ මග ගමන් කරන වාහනවලට නිතර ම වේගය අඩු වැඩි කිරීමට සිදුවෙයි. නැතහොත් ගමන් කරන දිශාව වෙනස් කිරීමට සිදුවෙයි. මේ සියල්ලෙහි ම ප්රිතිඵලය වන්නේ ප්රහවේගය වෙනස් වීම යි. පහත වගුවේ දැක්වෙන්නේ සරල රේඛීය මාර්ගයක ගමන් කළ එක්තරා වස්තුවක ප්ර්වේගය කාලයත් සමග වෙනස් වූ ආකාරයයි.
මෙම දත්ත අනුව තත්තපර 6ක කාලයක් තුළ වස්තුවේ ප්‍රවේගය 0 සිට 12 m s-1 දක්වා වෙනස් වී ඇත.

එම ප්‍රවේග වෙනස (12 m s-1), ඒ සඳහා ගත වූ කාලයෙන් (6 s) බෙදූ විට ලැබෙන්නේ ප්‍රවේගය වෙනස් වීමේ සීඝ්‍රතාවයි. ප්‍රවේගය වෙනස් වීමේ සීඝ්‍රතාව ත්වරණය නමින් හැඳින්වේ. එනම්, ඒකක කාලයක් තුළ දී සිදුවන ප්‍රවේග වෙනස ත්වරණයයි. ප්‍රවේගයේ ඒකක වන්නේ (m s-1) බව අපි දැනටමත් දනිමු. ත්වරණය යනු තත්ත්පරයකට සිදුවන ප්‍රවේග වෙනස නිසා එහි ඒකක වන්නේ (m s-2) ය.

මේ අනුව පහත සඳහන් වස්තුවේ ත්වරණය අපට පහත පෙන්වා ඇති ආකාරයට ගණනය කළ හැකි වේ.

වස්තුවක ත්වරණය 2 m s-2 යන්නෙන් අදහස් වන්නේ සෑම තත්පරයක් පාසා ම එම
වස්තුවේ ප්‍රවේගය 2 m s-1 බැගින් වැඩි වන බව යි. ත්වරණය සඳහා ලැඛෙන අගය ධන
අගයක් නම්, එයින් හැෙඟන්නේ ප්‍රවේගයේ වැඩි වීමකි. එය ඍණ අගයක් නම් ප්‍රවේගය
අඩු වන බව එයින් කියැවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017