දුර සහ විස්තාපනය
 
ඔබ නිවසේ සිට පාසලට යා හැකි මාර්ග කිහිපයක් තිබිය හැක. ය. ඒවා විවිධ දුරවල් සහිතය. ළමයකුට A සිට B දක්වා ගමන් කළ හැකි මාර්ග කිහිපයක් පහත දැක්වේ.
A සිට P හරහා B දක්වා දුර 320 m වේ. Q හරහා දුර 200 m වේ. R හරහා ගියහොත් දුර 240 m වේ. එමනිසා ගමන් කරන මාර්ගය අනුව ද වෙනස් වේ.
A සිට B දක්වා ළගා වීමට කුමන මගක් භාවිතා කලද, ගමනේ අවසාන A සිට සරල රේඛීය ව 160 m දුරක් වෙනස් වීමයි. එම සරල රේඛීය ඈත් වීම විස්ථාපනය නම් වේ.
දුර මැනීමේ දී ගමන් කළ දිශාව නොසලකන නිසා එය අදිශ රාශියකි.


විස්ථාපනය ගමන් ගන්නා මාර්ගය අනුව වෙනස් නොවේ. විස්ථාපනයට විශාලත්වයක් මෙන්ම දිශාවක් ද ඇත. ඒ නිසා විස්ථාපනය දෛශික රාශියකි.
(c) Shilpa Sayura Foundation 2006-2017