සාරාංශය
  * ජීවි දේහ නිර්මාණය වී ඇති ප්‍රධාන ද්‍රව්‍ය නම් කාබොහයිඩ්රේට, ප්‍රෝටීන්, ලිපිඩ හා නියුක්ලෙයික් අම්ලයි. ඒවා * සජීව පදාර්ථයට අයත් ජෛවීය අණු ලෙස හඳුන්වයි.

* කාබනික සංයෝගවලට අමතර ව ජලය, ඛනිජ වැනි අකාබනික සංයෝග ද සජීව පද්ධති තුළ වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.

* ජෛවීය අණු සෑදී ඇති ප්‍රධාන රසායනික මූලද්‍රව්‍ය වන්නේ C,H,O,N ය.

* ඛනිජ හා විටමින් ජීවීන්ට අවශ්‍ය වන්නේ සුළු ප්‍රමාණවලින් වුවත් ඒවානොමැති වූ විට ජීවීහු විවිධ ඌනතා ලක්ෂණ පෙන්වති.

* ජලයෙහි ඇති සුවිශේෂි ගුණ ජීවීන්ට ජීවය පවත්වා ගැනීමට බෙහෙවින් වැදගත් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017