නියුක්ලෙයික් අම්ල
 
  • නියුක්ලියොටයිඩ නැමැති තැනුම් ඒකක රාශියක් රේඛීය ව සම්බන්ධ වීමෙන් සෑදෙන ජෛව අණු කාණ්ඩයකි. 
  • ඒවා රේඛීය බහු අවයවික වේ. නියුක්ලෙයික් අම්ලවල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් හා පොස්ෆරස් අඩංගුය. 
  • සජීව පදාර්ථයේ අඩංගු ප්‍රධාන කාබනික අණු වර්ග අතරින් ප්‍රවේණික ව ඉතා වැදගත් වනුයේ නියුක්ලෙයික් අම්ලයයි. 
  • සෑම නියුක්ලියොටයිඩයක් ම තැනී ඇත්තේ සංඝටක වර්ග තුනකිනි.
    1. නයිට්‍රජනීය භෂ්මයක්
    2. පෙන්ටෝස් සීනි කාණ්ඩයක්
    3. පොස්ෆේට් කාණ්ඩයක්
  • නියුක්ලෙයික් අම්ල ප්‍රධාන ආකාර දෙකකි.
    1. DNA - ඩිඔක්සි රයිබො නියුක්ලෙයික් අම්ල(Deoxy ribo Nucleic Acid)
    2. RNA - රයිබො නියුක්ලෙයික් අම්ල (Ribonucleic Acid)
  • නියුක්ලෙයික් අම්ලවල වැදගත්කම

  • ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සඳහා
  • ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම සඳහා
  • ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා
  • සෛලයේ සිදුවන සියලුම ජීව ක්‍රියාවලි පාලනය කිරීම සඳහා හා එම ජීව ක්‍රියා පාලනය කරන තොරතුරු ඇතුළත් වන්නේ DNA තුළය.
  • ඇතැම් වෛරසවල ප්‍රවේණික තොරතුරු ගබඩා කර තබාගැනීමට RNA වැදගත් වේ.
  • DNA අණුව විකෘතිවලට භාජනය වීමට ඇති හැකියාව නිසා ඇතිවන ප්‍රභේදන ජීවීන්ගේ පරිණාමය සඳහා වැදගත් වේ. 
මෙම ජෛව අණු තුළ ප්‍රධාන වශයෙන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් යන මූලද්‍රව්‍ය අන්තර්ගත ය.
(c) Shilpa Sayura Foundation 2006-2017