- ශක්ති ප්රඅභවයක් ලෙස :
කාබොහයිඩ්රේට හා ප්‍රොකටීන් මෙන් ම ලිපිඩ ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි. මේදය දහනය කිරීමෙන් වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබේ.
- ව්‍යූහාත්මකසංඝටක සෑදීම සඳහා :
සියලුම සෛල පටලවල එනම් ප්ලාස්ම පටලයේ ප්‍රධාන, වැදගත් සංයෝගයක් වන්නේ ලිපිඩයි. (විශේෂයෙන් ම පොස්ෆොලිපිඩ හා කොලෙස්ටරෝල්)
- ජල සංරක්ෂණය සඳහා :
ශාක දේහවල මතුපිට ඇති කියුටින් නම් ඉටි නිසා ජලය පිටවීම වළක්වන බැවින් එය ජල සංරක්ෂණ කාර්යය ඉටුකරයි. බොහෝ සත්ත්වයන්ගේ දේහාවරණයේ ද ඉටි අඩංගු වීම නිසා විජලනය වීම වැළැක්වේ. එනම් ලිපිඩ ජලයට අපරගම්ය වේ.
- දේහ උෂ්ණත්වය පවත්වා ගෙන යාම සඳහා :
පක්ෂීන්, ක්ෂීරපායින් ආදී අචලතාපි සත්ත්වයින්ගේ සමට යටින් ඇති අධඃචර්මීය මේද ස්තරය තාප පරිචාරකයක් ලෙස ක්‍රියාකරයි. එය ඔවුන්ගේ දේහ උෂ්ණත්වය රැක ගැනීමට උපකාරි වේ.
- අභ්යාන්තර ඉන්ද්රිියයවල ආරක්ෂාව සඳහා :
සත්ත්ව දේහයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වටා ඇති මේද ස්තර මඟින් ඒවාට බාහිරින් ඇතිවන කම්පන අවශෝෂණය කර ගනියි. එමගින් ආරක්ෂක කෘත්යයක් කරයි.
- ඇතැම් හෝර්මෝන සංස්ලේෂණය සඳහා : පෘෂ්ටවංශීන්ගේ ඇතැම් හෝර්මෝන (ඊස්ට්රකජන්, ටෙස්ටොස්ටෙරොන්, කොටිසොන් ආදිය) සංස්ලේෂණයට ද ලිපිඩ වැදගත් වේ.
- සන්තෘප්ත මේද අම්ල
එක් එක් කාබන් පරමාණුවකට සම්බන්ධ වී ඇති උපරිම හයිඩ්‍රජන් පරමාණු සංඛාව පවතින මේද අම්ල සන්තෘප්ත මේද අම්ල ලෙස හැඳින්වේ. කාමර උෂ්ණත්වයේදී ඝන හෝ අර්ධ ඝන ලෙස පවතී.
- සන්තෘප්ත මේද අම්ල
මේද අම්ල වල එක් එක් කාබන් පරමාණුවකට සම්බන්ධ වී ඇති උපරිම හයිඩ්‍රජන් පරමාණු සංඛාව නොපවතින මේද අම්ල අසන්තෘප්ත මේද අම්ල වේ. කාමර උෂ්ණත්වයේදී ද්‍රව ලෙස පවතී.