ප්‍රෝටීන්
 
ප්‍රෝටීන් සියලුම සජීවි සෛලවල අත්‍යවශ්‍ය සංඝටකයක් වේ.
ප්‍රෝටීනවල සැමවිට ම කාබන් (C), හයිඩ්‍රජන් (H), ඔක්සිජන් (O), හා නයිට්‍රජන් (N) අඩංගු ය.
මීට අමතරව ඇතැම් විට සල්ෆර් (S) ද අඩංගුය.

පරිණත මිනිස් සිරුරේ සංයුතිය අනුව 17%ක් පමණ සෑදී ඇත්තේ ප්‍රෝටීනමය ද්‍රව්‍යවලිනි. ප්‍රෝටීන් යනු ඇමයිනොඅම්ල නැමති වඩා අණු බහු අවයවීකරණයෙන් තැනුණු සංකීර්ණ අණුවකි.
මස්, මාළු, බිත්තර සුදු මදය, මාශ භෝග ආදිය ප්‍රෝටීන් අඩංගු ආහාර වලට උදාහරණ වේ.

ශක හා සතුන් තුළ අඩංගු විවිධ ප්‍රෝටීන්
  •  මාංශ පේශිවල අඩංගු ප්‍රෝටීන් - මයොසීන්, ඇක්ටින්
  •  අස්ථිවල අඩංගු ප්‍රෝටීන් - ඔසෙයින්
  •  රතු රුධිරාණු තුළ අඩංගු ප්‍රෝටීන් - හිමොග්ලොබින්
  •  කෙස් හා රෝමවල අඩංගු ප්‍රෝටීන් - කෙරටින්
  •  මාංශභෝගවල අඩංගු ප්‍රෝටීන් - ලෙගියුමින්
  •  තිරිඟුවල අඩංගු ප්‍රෝටීන් - ග්ලූටන්
  •  බිත්තර සුදු මදයේ අඩංගු ප්‍රෝටීන් - ඇල්බියුමන්

(c) Shilpa Sayura Foundation 2006-2017